ඉන්දියාවේ සිට මෙරටට ඒමට පියා සහ දියණියට සහාය දුන් 6ක් අත්අඩංගුවට
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (06) දින මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ පවතින කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් පසුගිය 02 වනදා පියෙකු සහ දියණියක් ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයේ බෝට්ටුවකින් තලෙයිමන්නාරම් මුහුදු තීරයට මන්නාරම් පණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයට පැමිණ සිටියදී මඩු පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව එම දෙදෙනාට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් පැමිණීමට සහය දුන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු මන්නාරම් පොලිස් බුද්ධිඅංශ නිලධාරීන්ගේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
