කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලැබු නාවික සෙබලුන් 13 දෙනෙකු දියතලා කඳවුරට
කාත්තාන්කුඩි මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලුන් 13 දෙනෙකු ඊයේ සවස දියතලාව කඳවුරට යවන ලදී.
කාත්ත්තාන්න්කුඩි මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් 92 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අයගෙන් නාවික හමුදාවේ සෙබලුන් 29 දෙනෙකු ඇතුලත්ය.
මෙම නාවික හමුදා සෙබලුන් පුර්ණ සුවය ලබා සෙනසුරාදා ඊයේ සවස ද හමුදාවට අයත් බස් රථයක විෂබිජහරණය සිදු කිරීමෙන් අනතුරුව ආරක්ෂාව මැද දියතලාව නාවික හමුදා කඳවුරට යවන ලදී.
මේ වන විට කාත්තාන්කුඩි මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නාවික හමුදාවේ කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු කුවෙට් හා ඩුබායිවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කර කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ 63 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බව කාත්තාන්කුඩි මුලික රෝහල් ආරංචි මාර්ග පවසයි.
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
