saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9081 hours ago

LATEST

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5දා

calendar_today 2020 ජුනි 10 - 14:41 remove_red_eye - 1111  

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.

කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ඊයේ (09දා) පෙරවරුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් හෙළා දකින බව හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් , එම රටවල සිට යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයන් 825ක පමණ ප්‍රමාණයක් , මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .

Read More

අපි දේශපාලන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා. දැනට වාර්තා වෙලා තියෙනවා 40000 ක පමණ ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තියෙනවා කියලා. හරි ආණ්ඩුව 20000ක් භාර ගන්න අපි 20000ක් භාර ගන්නම්. දිස්ත්‍රික්කයකට 1000යි නේ අපිට ඒක පුළුවන්. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන් මත ඔවුන් අවශ්‍ය ආහාර, නිරෝධායන මගපෙන්වීම යටතේ අපි බලාගන්නම්. අපිට 20000ක් ගෙනත් දෙන්න

Read More

යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීම කඩිනම් කර ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මේ රටේ මිල්ටරි පාලනයක් ගැන කථාකරන්න සුමන්තිරන් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

දිවයිනේ ඩෙංගු අවදානම් සහිත දිස්ත්‍රික්ක 06ක හෙට (10) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කරන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය සඳහන් කරයි

Read More

ඒ් අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ 1122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පසුගිය 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලට අනුව ජීව විද්‍යා අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිවු වැනි හා පස් වැනි ස්ථානය හිමි කරගත් නිවුන් ශිෂ්‍යයන් දෙදෙනාගෙන් වැඩි මහල් ශිෂ්‍යයා ඊයේ (09දා) දහවල් කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල් පොලීසිය පවසයි.

Read More

කොරෝනා වසංගතය නැවත අපගෙන් ඈත්ව ගිය සොබාදහම හා මනුසත් බව ගැන මතකාවර්ජනය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

යාපනය ඉනුවිල් නවාලි ප්‍රදේශයේ රැඳි සිටමින් සාරි වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෙකුට ඉන්දියාවට ගිය පසු කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් යාපනයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 15 දෙනෙකු නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අද දින එළඹෙන ලදී.

Read More

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් කාඩ්පත් 04ක් සොයාගෙන ඇත.

Read More

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 සහ 09 වන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධි දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

යාපනය අනලතිව් දූපත් ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ නාවික හමුදාවේ දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පහරදීම හේතුවෙන් අදාල නාවික හමුදා සෙබලුන් දෙදෙනා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙතට ඇතුලත් කොට ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.

Read More

මෙම වසරේ ඔක්තෝම්බර් මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පවත්වනවාද? නැතිද? යන්න අවසන් තීරණය අද (10දා) ගැනීමට නියමිතය. ඒ අද දිනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) රැස්වීමේදීය.

Read More

ඊයේ (09) දිනය වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 235,561 ක් මරණ 34,043 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

කින්නියා - පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල සිදුවු පිපිරිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයට අද වන විට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කනගාටු වන අතර ආණ්ඩුවටත් ඒ වගේම සිරිකොත සුළු කල්ලියටත් අභියෝගයක්ව ඇත්තේ සමග ජන බලවේගය යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම නායක හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂම අද (10දා) රැස්වීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම මගින් අපේක්ෂා රෝහළේ පැවැත්වෙන සායන සඳහා දිනපතා රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණි අතර එම සායන සඳහා සහභාගි වීම ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට දැඩි ගැටලුවක්ව පැවැතිනි.

Read More

පාරිභෝගිය අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් අද (10දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඩ විරෝධතාව සඳහා පොලීසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

Read More

දිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරියේ රැස්වීමට සහභාගී වෙමින් කියයි.

Read More

ආහාර අර්බුදය හේතුවෙන් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නැවත සලකා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්වින්ටනා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දිරිගන්වා තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකිරීම් හා විෂයපථයන් වෙනස් කිරීම් සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනා සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගියේය.

Read More

ඔහුගේ දේහය ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ සිට හූස්ටන් හි අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන යන ලදී. පසුව එය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පෙයාර්ලන්ඩ් හි පෞද්ගලික සුසානයක තැන්පත් කෙරිණි.

Read More

ලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව ඇති අතර, සමස්ත මරණ 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.