දිවයිනේ ඩෙංගු අවදානම් සහිත දිස්ත්රික්ක 06ක හෙට (10) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කරන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්කවල එම වැඩසටහන් ආරම්භ කෙරෙන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය සඳහන් කර සිටියි.
