saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 9258 hours ago

LATEST

ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1456 ඉක්මවයි

calendar_today 2020 ජුලි 09 - 15:00 remove_red_eye - 261  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1456 ඉක්මවා තිබේ.

එක්සත් ජාතික පක්ෂය තවත් වසර සියයක් පමණ මෙරට තුළ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට තවත් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් කඩුවකින් පහර දී තුවාල සිදුකිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 12ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන් ගණණ 1979ක් දක්වා වර්ධනය විය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රකාශයට පත්කර ඇති හෙයින් මැතිවරණ නිතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රි රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබි ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

පසුගිය සමයේ මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකරගත් මුස්ලිම් නායකයින් සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වීමට හෙට (10දා) මාතලේ දිස්ත්‍රික්කය වෙත ගමන් කිරිමට නියමිතය.

Read More

රේගුව රාජ සන්තක කරන මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තබේ.

Read More

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන් සියලු දෙනා සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

ගුවන් හමුදාවට භාවිත කළ හෙලිකොප්ටර් 4ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජාත්‍යන්තර තරගකාරී ලන්දු කැඳවීම් හරහා මෙම හෙලිකොප්ටර් මිලදි ගැනීමට නියමිතය.

Read More

පාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

Read More

විවෘත ආර්ථික ක්‍රමයෙන් දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා තිබේ.

Read More

දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව, COVID-19 වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සඳහා විද්‍යා පාදක සහයෝගීතාව පිළිබඳ චීන විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥ සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විශේෂඥ කණ්ඩායමක් බීජිං වෙත යොමුකරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් බදාදා පැවසීය.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 550,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වසර 05ක් තිස්සේ ක්‍රියාත්මක නොකර අවලංගු වී තිබු ජලවිදුලි ව්‍යාපෘති 15කට නැවතත් ගිවිසුම් දීර්ඝ කිරීමේ අනුමැතිය ලබා දෙයි.

Read More

හෙරොයින් හා තවත් උපකරණ කිහිපයක් සමග සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ විශේෂ ගුවන් යානය 7/09 දින අලුයම මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

පිලිපීනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 පසුකර ඇති අතර, ඉන් පහෙන් එකක්ම පසුගිය දින 5 තුළ වාර්තා වී තිබීමද විශේෂත්වයකි. එමෙන්ම රට නැවතත් ලොක්ඩවුන් කිරීම ගැනද අනතුරු ඇඟවේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08දා) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කරන තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයන් 13ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බොල්සොනාරෝ මාධ්‍ය ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවට බ්‍රසීල පුවත්පත් සංගමය චෝදනා කරයි.

Read More

පෙරටත් වඩා වැඩි ජවයකින් මෙවර මැතිවරණ සටනට මුහුණදී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළා

Read More

වැලිකඩ බන්ධනගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ව මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කෙරිණි.

Read More

ගෙවීගිය දිනයේදී ආසාදිතයන් 60,000 ඉක්මවා වාර්තාගත වැඩිවීමක් සමග වෛරසය ආසාදිතව සමස්ත මරණ 132,256ක් දක්වා ඉහළ යයි.

Read More

61 හැවිරිදි කූලිබාලි මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කිරීමටද තෝරාගෙන තිබුණි.

Read More

තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකදී හදිසියේ රෝගිවූ පිලිපීන ජාතිකයකු ට්‍රග් යාත්‍රාවක් මගින් ගාල්ල වරායාට රැගෙන එමින් සිටියදි අද (08දා) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

තෙවැනි අදියරේ (ජුලි මස 27 දින සිට ) දී සියලු ම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙ.ව. 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු අතර, ප.ව 1.30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත්, පස්වරු 3.30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාලසීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවට ද මේ යටතේ උපදෙස් ලබා දී ඇත.

Read More

එසේම මේ වන විට සමස්ත මැතිවරණ පැමිණිලි 2207ක් වාර්තා වී ඇති අතර ඉන් එකක් පමණක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.