saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8563 hours ago

LATEST

තැපැල් ඡන්දයට 705,085ක් සුදුසුකම් ලබයි

calendar_today 2020 ජුනි 23 - 14:12 remove_red_eye - 179  

මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරීන් හත් ලක්‍ෂ පන්දහස් අසූපහක් සුදුසුකම් ලබා තිබේ.

එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 20 කින් 30 කින් ආයේ ආණ්ඩුවක් ගන්න තියා හිතන්නවත් පුළුවන්කමක් නැති බවත්, ඒ නිසා කොරෝනා වලින් වැටිච්ච, ආර්ථිකය ශක්තිමත් නැති මේ ජන ජීවිත ශක්තිමත් කරලා ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් බවට මේ රට පත් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා එක්ක අත්වැල් බැදගන්න සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

ලංකා කම්කරු කොංග්‍රසය මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නුවරඑළිය, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයන් මුල්කර ගනිමින් එළඹෙන 26 දින ආරම්භ කිරීමට සැලසුම් කොට ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය.

Read More

තමන්ගේ ආණ්ඩුවෙන් වුණ හොරකම් වංචා, මිනීමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වහගන්න අද ඇතැමුන් ආගමික නායකයන්ට දොස් කියන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ඊයේ (22) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2,38,720 ක් මරණ 34,657 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

හිටපු විපක්ෂනායක, සමගි ජන බලවේගය නායක , සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) දා අත්හිටුවීමට පියවර ගත්තේ ය .

Read More

අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වැඩිම කෝවිඩ් ආසාදිතයින් පිරිසක් හමුවු වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු අද (23) සිට අදියර කිහිපයක් යටතේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Read More

මිගමුව බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පත් ලබාදිමේ සිද්ධියකට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා ඇත.

Read More

මෙරට සියලු පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ මැයි මස 31 වැනිදා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) දින මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

තමන්ගේ අතිකාල දීමනා ලබා දෙන ලෙස ඉල්ලා ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය සහායක කාර්‍ය මණ්ඩලය අද (23) ලෙඩ නිවාඩු දමා සම්පූර්ණයෙන්ම සේවයෙන් බැහැරව සිටීමට තීරණය කර තිබේ.

Read More

ට්‍රම්ප්ගේ ප්‍රචාරක සන්නිවේදන අධ්‍යක්ෂ ටිම් මොර්ටෝ මෙම පුවත සනාථ කර ඇති අතර, ඔහු පවසා තිබුණේ තම කණ්ඩායමේ සාමාජිකයන් මුඛ ආවරණ පවා පැළඳ සිටි බවයි.

Read More

එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

සමස්තයක් ලෙස අප්‍රිකානු මහද්වීපයේ මරණ අනුපාතය අනෙකුත් කලාපවලට වඩා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙයි.

Read More

අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි.

Read More

රටේ සම්පත් සියල්ල විකුණා දැමීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වුවත් රටේ ජනතාවට, හෙට ඉපදෙන්න ඉන්න දරුවාට, පමණක් නොව අනාගතයේ ඉපදෙන දරුවන්ටද අයිති ජාතික සම්පත් ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඉතා සීමිත සංඛ්‍යාවක්, රට තුළ ජීවත් වන විවිධ ජාතීන් සමග වන්දනාව පැවැත්වීමට සෞදි රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Read More

බ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 51,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ වසංගතය දේශපාලනීකරණය කිරීම වඩාත් නරක අතට හැරී ඇති බවයි.

Read More

ෆ්ලොරිඩා, දකුණු කැරොලිනා, ජෝර්ජියා, ටෙක්සාස් සහ තවත් ප්‍රාන්තවල සහ තවත් නගරවල අගුලු දැමීම් යළි විවෘත කළ පසු මේ ආකාරයෙන් තරුණ ප්‍රජාව අතර වෛරසය වේගයෙන් පැතිර යයි.

Read More

උතුරු ඉතාලියේ අපජල සොයාගැනීම්වලින් පෙනී යන්නේ කිසිවෙකු තේරුම් ගැනීමට පෙර වෛරසය එහි සංසරණය වීමට අවස්ථාවක් ඇති බව යැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ ප්‍රධාන විධායක මුකේෂ් අම්බානිගේ ශුද්ධ වත්කම මෑතකදී ඇ.ඩො.බිලියන 64.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ 23 සීමාවද පසුකර ගිහින්.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ හා මරණවල වර්ධනයක් දැකිය හැකි අතර, විශේෂයෙන් ඇමෙරිකානු කලාපයේ සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල මෙම තත්ත්වය පවතී.

Read More

විදේශීය නැව් සමාගම් වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 151 දෙනෙකු මුම්බායි සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් අද (22දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

2011 ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

කර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබේ. තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.