ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
සෑම මසකම,දෙවෙනි ඉරුදින හා 4 වෙනි ඉරු දින තලංගම පොලිසියේ පෙනී සිටින ලෙසත් සාක්ෂිකරුවන්ට තර්ජන නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය
පසුගිය මහමැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා වියදම් කිරීමට යැයි පවසමින් සැකකාර මාලක සිල්වා ව්‍යාපාරිකයාගෙන් මෙම මුදල් ඉල්ලා තිබිණි