ජනතා අපේක්ෂාවන් ඉටු කිරිමට මේ මොහොතේ සිට ක්‍රියා කරනවා - කෙහෙළිය
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය රට තුළ යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා යම් වගකීමක් සහිත කාර්යභාරයක් පවරා තිබෙන බවත් එය අවංකව ඉටු කිරීම උදෙසා කැප වෙන බවත් අහස උසට බලාපොරොත්තු තබා ගනිමින් ජනතාව ශ්‍රී ලංකා පොදු පෙරමුණ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය ලබාදුන් බවත් එම ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමේ භාරදූර වගකීම වෙනුවෙන් මේ මොහොතේ සිටම කැපවීමෙන් වැඩ කටයුතු කරණ බව නව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුවමාධ්යවේදීන් හමුවේ ඔහු මේ බව පැවසීය .
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොරෝනා වසන්ගත තත්ත්වයත් සමඟ රට ඉතා තත්ත්වයකට ඇද වැටී තිබෙන බවත් මනා කළමනාකරණයක් ඇතිව විධිමත් වැඩපිළිවෙලක් තුළින් රට යළි සංවර්ධන මාවතට යොමු කිරිමේ වගකීම සියලු දෙනාට පැවරී තිබෙන බවත්ය.
ඔබ ඔබගේ යුතුකම් ඉටු කරන්න අපි අපේ වගකීම් ඉටු කරන්නම් යනුවෙන් ජනාධිපතිතුමා ජනතාව හමුවේ පැවසූ බවත් ජනතාව තම යුතුකම් උපරිමයෙන්ඉටුකර තිබෙන මේ මොහොතේ ජනතාව ජනාධිපතිතුමා දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා සාමූහිකව සියලු දෙනා කැප වෙන බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

popular news
-
Lion Wednesday, 12 August 2020 05:06 PM
Kaiwaru oney naha pasugiya kaley gahapu widiyata hora kan karanna epa kollo.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

