උපරිම ශක්තියෙන් රට වෙනුවෙන් සේවය කරනවා - නාමල්
තමන්ට ලැබුණ තරුණ හා ක්‍රීඩා අමාත්‍යධුරය තුළදී ක්‍රීඩාව දියුණු කිරීමටත් තරුණ තරුණියන්ගේ හෙට දවස සුබවාදී කිරීමටත් යොදා ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තවදුරටත් ඔහු පවසන්නේ
“තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයට මා වෙත ලබාදීම ගැන සතුටු වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මා කෙරෙහි තැබු විශ්වාසයට ස්තූතිවන්ත වන අතර උපරිම ශක්ති ප්‍රමාණයෙන් රට වෙනුවෙන් සේවය කිරීමට මා බලාපොරොත්තු වනවා.
දෛවෝපගතව ලෝක තරුණ දිනය දවසේ ලැබුණු තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ධුරය ක්‍රීඩාව දියුණු කිරීමටත්, රටේ තරුණ තරුණයින්ගේ හෙට දවස සුබවාදී කිරීමට යොදා ගැනීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
popular news
-
Wimal Thursday, 13 August 2020 04:55 AM
Money laundering is now legalised
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

