ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අද දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඉක්මනින්ම සිය ධුර වල වැඩ ආරම්භ කිරීමේ සූදානමක් පවතී.
මේ අතරින් ඇතැම් අමාත්‍යවරුන්ට තමන්ට පෙර පැවැති අමාත්යධුරම හිමිව තිබේ. දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ හා ප්‍රසන්න රණතුංගට තමන් දැරූ අමාත්යධුරම හිමිව තිබේ.
මේ අතර මහින්ද රාජපක්ෂ ජනපති සමයේදී ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට යළිත් එම අමාත්‍යධුරය හිමිවූ අතර ඔහු හෙට දිනයේදී සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.