විවිධ පර්ශ්වවලින් එල්ල වූ විරෝධය නොතකමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරිමට අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය හොඳ තීරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පිළිබඳව උනන්දුවක් නොදක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් හාස්‍ය ජනක බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.