saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8277 hours ago

LATEST

ෆ්ලොරිඩා රෝහල් 49ක ICU ඇඳන් අවසන් වෙලා

calendar_today 2020 ජුලි 20 - 06:54 remove_red_eye - 884  

ඇමෙරිකාව ලොව කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රට ලෙස මේ වනවිට සමස්ත ආසාදිතයන් 3,763,000 ඉක්මවන අතර, වෛරසය ආසාදිතව මියගිය පිරිස 140,500ක සිමාව කරා පැමිණෙමින් තිබේ.

බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 80,000ක සීමාවට පැමිණ, ආසාදිතයන් ලක්ෂ 21ක සීමාවේදීත් වගකීමෙන් තොරව හැසිරෙන බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ ලතින් ඇමෙරිකාවේ මෝඩම පාලකයා බවට පත්ව හමාරය.

Read More

හොංකොං නායිකා කෙරී ලැම් පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන සිවිල් සේවකයන්ට අද (20දා) සිට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,438,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර මධ්‍යයේදී එකිනෙක ගැටීමෙන් අද (19දා) රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි

Read More

මේ වනවිට නිෂ්පාදනය අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුකොට සතියක් ඇතුළත එම කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස්දී තිබේ.

Read More

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ‍ විජිතපුර පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කරන විට සංස්කෘතික අමාත්‍ය ධුරයේ සිටි සජිත් ප්‍රේමදාස මහතා ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නමුත් කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි.

Read More

අද දින මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් 20ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2724ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ස්ථාවරය අගෝස්තු 05 වැනිදාට පෙර රටට පවසන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම්, ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

මේ වනවිට කෝවිඩ්19 වෛරසය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු 40 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, එය පිරිමි ශ්‍රමිකයන් 37ක් හා කාන්තා ශ්‍රමිකයන් 03ක් ලෙස වාර්තා වන බවද සභාපතිවරයා කියා සිටියේය. සෞදි අරාබියෙන් 18ක්, කුවේට් 09ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් 08ක්, ඕමාන්, කටාර් රාජ්‍යවලින් 02 බැගින් හා ලෙබනන්වලින් එක් මරණයක් වශයෙන් වාර්තා වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය

Read More

කිරිවත්තුඩුව ,තුඩුව වත්ත ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනය වෙමින් සිටී මවක ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් 19දා සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2715 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ප්‍රේමදාසට ඡන්දය දෙන්න එපාද?

Read More

තැපැල් ගාස්තු අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්.පීරිස් මහතා ඇප මත මුදා හැර ඇත.

Read More

’’නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’’ ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියි.

Read More

අපිට ලැබුණේ වැටුණු රටක්.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැටි තිබූ රට කොරෝනාවෙන් බිමටම සමතලවෙලා ගියා. මේ වැටුණු රට යළි ගොඩගන්නට නම් ශක්තිමත් ජනාධිපතිවරයෙක් වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉතාම අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අද(19 ) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.

Read More

කැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට 16 වෙනිදා සිදු කල පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී නොමැති බවට සිකුරාදා 17 රාත්‍රි ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපලක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණුවා. ගුවන්තොටුපල බේරගන්න පුළුවන් වුණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමති කෙනෙකුට පණ තිබුණෙ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණයට එජාපයේ පිරිසක් හමුවූ බවත් මාස අටට ආණ්ඩුව කළ දෙයක් නොමැති බවත් රට අර්බුදයකට ගිය බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

කන්දකාඩු කොරෝනා කොවිඩ් පොකුරට අදාළව මේවන විට පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනෙක් හමුව ඇති බවත් ගෘහස්ථ නිරෝධායනය කළ පිරිස 900ක් බවත් පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා කියයි.

Read More

ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ගණන 2711ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

වසර 26 ක් පවතින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් , එම නායකයා විමට අවශ්‍යය සුදුසුකම් තමන්ට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

පුත්තලම ආසිරිගම දස හැවිරිදි දැරිය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිර වහනය වීමෙන් බව පුත්තලම මූලීක රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩබ්ලිව්.එස්.කේ.ආර්.වික්‍රමාරච්චි මහතා වෛද්‍ය වාර්තාව ලබා දෙමින් සනාථ කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 12 දෙනෙකු අද (19) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 4ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අද (19දා) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.

Read More

කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපට විශාල වාසි ගෙන දෙන්නක් වුනා. ශීත කාමර වල ඉන්න අය කොහොමද වැල්ල ගැන දන්නේ වැල්ල ගැන අහන්න වෙරළෙ ඉන්න අපෙන් යැයි ගල්කිස්ස සංචාරක වෙරළ තීරයේ සංචාරක අවන්හල් පවත්වාගෙන යන්නන් සහ එහි පැමිනෙන දේශිය සංචාරකයින් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.