ඇමෙරිකානු කොවිඩ් ආසාදන ලක්ෂ 80ක සීමාවට පැමිණේ
- 15 10 2020
- 10:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 80ක සීමාවට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වන රාජ්‍ය ලෙස එහි ආසාදිතයන් සංඛ්‍යාව අද (15දා) උදෑසන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවල සටහන් වූයේ 7,916,188ක් ලෙසිනි.
මේ අතර ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 216,858ක් ලෙස සටහන් වෙයි.
ගෙවීගිය බදාදා දිනයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එක්සත් ජනපදයේ නව ආසාදිතයන් 51,072ක් සහ මරණ 745ක් වාර්තා වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
