saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8262 hours ago

LATEST

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ හා නිලධාරින්ගේ PCR පරික්ෂණ සෘණාත්මකයි

calendar_today 2020 ජුලි 29 - 14:00 remove_red_eye - 172  

කොරෝනා ආසාදිතයෙකුද යන්න දැන ගැනීම සදහා පී සී ආර් පරීක්ෂණයට භාජනය කරන ලද ගාල්ල බන්ධනාගාරයේ රැදවියන්ට හා නිලධාරීන්ට වෛරසය වැලදී නැති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කාර්යාලය කියයි.

කොවිඩ් 19 න් පීඩාවට පත්වූ ජනතාවට ලබාදුන් රුපියල් 5000ක දීමනාව නැවත අය කරගන්නා බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

වවුනියාව පෙරියකාඩුහි යුද හමුදාව විසින් ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 118 දෙනෙකු අද (29) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් නිරත වෙයි.

Read More

යුද්ධයෙන් ප්‍රභාකරන්ට රට බෙදිමට ඉඩ නොදුන්නා සේම ඡන්දයෙන් සම්බන්ධන්ට රට බෙදිමට ඉඩ නොදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහතික වෙයි.

Read More

2020 මහා මැතිවරණයට අදාලව මැතිවරණ නිති උල්ලංඝනය කිරිමි හා ප්‍රචන්ඩ ක්‍රියා පිළිබදව ඊයේ (29) දිනයවනවිට පැමිණිලි හා සි දුවිමි 755 ක් වාර්තා වි ඇති බව කැෆේ සංවිධානය පවසයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මැතිවරණ පැමිණිලි හා සිදුවිමි සමිබන්ධව මෙසේ පැවසිය .

Read More

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලීන දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් 1508000 මුදලක් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට නියෝග කර තිබේ.

Read More

පවතින වර්ෂා සහිත කාලගුණය සමග දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන ගන්න පර්මිට් නිකුත් කිරීම නවත්වන පරිදි පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් තොගයක් සමග සැකකරුවකු පුත්තලම ජේපි පටුමග ප්‍රදේශයේදී පුත්තලම කොඨඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

නීතිවිරෝධි ලෙස එතනෝල් සහ මත්පැන් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය කුමන ආකාරයෙන් පැවතියත් ආරක්ෂිත ක්‍රමවේදයන් සමග 2020/2021 ඉතාලියේ නව පාසැල් වාරය සැප්තැම්බර් මස (14) දා ආරම්භ කෙරෙන බව ඉතාලි අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය පවසා සිටියාය.

Read More

ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම දැන් ක්‍රියාත්මක කර ඇති බවත් මෙම වැඩ පිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කර ආසන ගණනට මගීන් ප්‍රවාහණය කිරීම පොදු නීතියක් බවට පත් කරන බවත් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

Read More

යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධාන මධ්‍යස්ථාන තුළින් නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 555ක් අද දිනයේදී මධ්‍යස්ථාන තුළින් පිටත්ව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

පුනරුත්තාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලය 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 05, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගරයේ කොවිඩ් 19 ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුදගලයින් 01 ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වෙයි.

Read More

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව, නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Read More

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ පැතිරීම සෘතුමය වශයෙන් බලපෑම් කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සහ මරණ 150,000ක සීමාවේ සිටින ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් උන්මාදය සිය පුත්‍රයාටත් වැලඳී ඇති නිසා ඔහුගේ ගිණුම පැය 12කට අගුලු වැටෙයි.

Read More

මෙම සාත්තු නිවාස හා සම්බන්ධ සක්‍රීය රෝගීන් 679කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවත්, හැකි ඉක්මනින් මෙම ආසාදිතයන් ඉස්මතුවීම පාලනය කර ගැනීම ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

Read More

මෙම කොවිඩ්-19 ආසාදිතයන් 101 අතුරින්, 98 දෙනෙකුම දේශීයව සම්ප්‍රේෂණය වූවන් වන අතර, විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් තිදෙනෙකුද ඒ අතර වන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව කියයි.

Read More

කොවිඩ් -19 මහජන සෞඛ්‍ය නියෝගය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ක දඩයක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරයි.

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ, ’’අපේ සමහර යුරෝපීය මිතුරන් අතර යුරෝපයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප නිරවුල්ව පැහැදිලි කරගත යුතු වෙනවා.’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,660,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

අගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 75000ක් හා සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 9000ක් සේවයේ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් 19 ආසාදනය වූ රෝගියෙක් හමුවීමත් සමග අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 5ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ - 19 ආසාදිතයින් ගණන 2809 දක්වා ඉහල ගොස් ඇත.

Read More

දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැලැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

දිවයිනට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

පාස්කු ප‍්‍රහාරයට පෙර සිටම එම ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් සම්බන්ධයෙන් ඉකුත් වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබු බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.