saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8229 hours ago

LATEST

මිනිමැරිමේ චෝදනාවකට ලක්වු අයෙකුට අධිකරණයෙන් දුන් නියෝගය

calendar_today 2020 ජුලි 30 - 19:01 remove_red_eye - 504  

පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) මරණ දඩුවම නියම කළේය.

පළමු රන්දෝලි පෙරහර

Read More

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 37 කට (රු.3750000) අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී ඊයේ 29 අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස විමර්ශන අංශය කියයි

Read More

එදා සිද්ධාර්ථ ගෞතමයන් පැලැන්ති වාදයට කළ දේ කිරිමට අද සමගි ජන බලවෙිගය බිහිකල බව හිටපු අමත්‍ය පාඨලි චමිපික රණවක පැවසිය.

Read More

ඉතිහාසයේ පළමු වරට මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසම සමග උරෙනුර ගැටී කටයුතු කරන්නට මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වී ඇති බවත්, මැතිවරණයේ විවිධ කටයුතු සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 8,000ක පිරිසක් මේ වනවිට යොමුකර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

Read More

මෙවර මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන පොහොට්ටුව වටා එකතු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ පවසයි

Read More

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා විදේශයක සිට එවූ බව කියන උකුස්සෙකු නාවලමුල්ල ඌරු කොටුවක කුඩුවක රදවා සිටිය දී පුද්ගලයන් දෙදෙනෙක් සමග පොලිස් භාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්රයදේශ කිහිපයකට අද (30) පැය 10ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාළ ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ 150000ක් සිදුකර තිබුණත් මෙහිදී පුද්ගලයන් 150000ක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති බවට අදහස් නොවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපෙක්ෂකයකු ගමන් ගත් මෝටර් රථය ( 30 ) දින අලුයම මාරවිල නගරයේදි සිදුවු අනතුරකට ලක්විමේන් අපෙක්ෂකයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව මාරවිල පොලිසිය කියයි.

Read More

මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඒ අනුව එම මාස 03 සදහා විදුලි පාරිභෝගිකයින්ට සහන ලබාදිය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්යෙ මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළේය. විශේෂයෙන් මහජනතාවට නිවෙස්වල රැදී සිටින ලෙස උපදෙස් දෙන ලද්දේ රජය වන බැවින් එසේ නිවෙස්වල රැදී සිටි ජනතාව වැඩිපුර විදුලිය පරිභෝජනය කර තිබෙනනිසා එම වියදම රජය විසින් දැරිය යුතුයැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් 19 පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට මැතිවරණ කොමිසම සිමා පනවා ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වරාය වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍ර්‍යග්‍රහනය අඛණ්ඩව දෙවැනි දිනටත් අද ක්‍රියාත්මක වෙයි.

Read More

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද බව කියන රුපියල් ලක්ෂයකට (රු.1105000) විදේශීය දුම් තොගයක් ත්රීිරෝද රථයකින් ප්ර වාහන කිරීමට සූදානම් වූ පුද්ගලයෙක් මරදාන දෙමටගොඩ පාරේ දී පෙරේදා (29) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි

Read More

කොවිඩ් - 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ඕනෑම රටක සිට ලෙබනන් රාජ්ය-යට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

වතුකරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්විමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්ක අපෙක්ෂක නාමල් රාජපක්ෂ පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 2811ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගිනි.

Read More

ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේදී කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු කර ගත් ආසාදිතයා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙක් බව සෞඛ්‍ය අධ්‍යක් ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

මෙවර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසිය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එහි හිටපු නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර බෙදීම අසත්‍යයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහමතා පවසයි.

Read More

දඹානේ ආදීවාසි ජනතාව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සඳහා පුරාණයේ සිට සිදුකරගෙන එන චාරිත්‍රයක් ඉටු කරමින් අද (30දා) ප්‍රථම රන්දෝලි පෙරහැර දිනයේ සාම්ප්‍රදායික මී පැණි පූජාව දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ කුටියේ දී සිදුකෙරුණි.

Read More

2020 මහ මැතිවරණයට අදාළව නිහඩ කාලය අගෝස්තු 02 දා මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භ වන බව මැතිවරණ කොමෂම නිවේදනය කරයි.

Read More

මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

පොලොන්නරුව ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පැවැසීය.

Read More

මේ ඡන්දේ කාලෙට දෙන පොරාන්දු දැක්කම අවුරුදු 72 ක් ම කරලා තියෙන්නේ බොරුවක්නේ.අවුරුදු 72 ක් ආණ්ඩු තිබුණානේ.අවුරුදු 72 ක් කරන්න බැරි වුණ දේවල්.පාර්ලිමේන්තුවට ගොඩවෙන්න හදන එවුන් ටික මාසෙන් කරන්නම් කියනවායැයි හිටපු අමාත්යැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික්ක අපේක්ෂක දුමින්ද දිසානායක පැවසීය.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ තොගයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී පෙරේදා (28දා) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

වැඩිකළ විශ්‍රාම වැටුප අහිමිකිරීමට විරෝධය දක්වමින් රජයේ විශ්‍රාමිකයින් පිරිසක් අද(30) තංගල්ල නගරයේදී විරෝධතා පාගමනක් පවත්වා තංගල්ල හේනකඩුව රජමහා විහාරයේදී පොල්ගසා දේව කන්නලව්වක් සිදුකළහ.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු පවුලේ ආර්ථිකයට සහනයක් ලබාදීමේ අරමුණෙන් ඉතාලියේ ජූලි (01) දා සිට සංචාරක ගමනාන්තයක් හෝ නිවාඩු ගත කිරිම සඳහා යුරෝ 500 ක දිමනාවක් ලබාදීම ක්‍රියාත්මක කෙරෙන බව ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.