බ්‍රසීලය අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 50,000ක් පසුකර ඇති අතර, වෛසය වැලඳී සිටි ජනාධිපති බොල්සොනාරෝ තවමත් නියම සුවයක් ලබා නොමැති බවට වූ ඉඟියක් පසුගියදා ඔහු විසින්ම පළ කර තිබේ.
ග්‍රීසිය සියලු ගෘහස්ථ පොදු ස්ථානවල මෙන්ම, නිසි සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ නොහැකි එළිමහන් අවකාශයන්හි මුඛ ආවරණ අනිවාර්ය කරද්දී, එංගලන්තය කෞතුකාගාර, කලාගාර, සිනමා ශාලා සහ පූජනීය ස්ථානවල එය අනිවාර්ය කරයි.
Read Moreමුම්බායි හි මූලස්ථානය පිහිටි, බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) හි මව් සමාගම වන ටාටා මෝටර්ස්, ජුනි 30 වැනිදායින් අවසන් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 1.13ක ශුද්ධ ශුද්ධ අලාභයක් ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය සතියේ වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය ආසාදන පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ පසුබිමකය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ ගෝලීය ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම 292,000ක් ඉක්මවා ඇති බවය. එමෙන්ම ජූලි මාසයේ දෛනික ආසාදිත මරණවල සාමාන්‍ය අගය 5,200ක් ලෙස සටහන් ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,500,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනාපත්ර ගොනු කර තිබේ.
Read Moreඅද සමගි ජන බලවේගයේ සිටින රාවුෆa හකීම් කැපුවත් කොළ කියන කෙනෙක්ද ? තිගම්බරම් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මනෝ ගනේෂන් කැපුවත් කොළ කියන කෙනෙක්ද? චම්පික රණවක තමන් යු.එන්.පි. නොවෙයි කියා තිබෙනවා. ඉතින් ඔහු කැපුවත් කොළ කියන කෙනෙක්ද? රිෂාර්ඩ් බදියුර්දින් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මේ අය කවුරුත් කැපුවත් කොළ කියන අය නොවෙයි.
Read Moreපාසල් ගුරුභවතුන්ටත්, විදුහල්පතිවරුන්ටත්, ගුරු උපදේශකවරුන්ටත්, ගුරු අධ්යාපනඥයින්ටත්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ටත් වඩාත් ගෞරවනීය හා වෘත්තීමය අනන්‍යතාවක් ලබා දීම ජාතික යුතුකමක් හා වගකීමක් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටී.
Read Moreතමන්ට නිදහසේ නිදහසේ මැතිවරන කටයුතු වල යෙදීමට ආණ්ඩුව ඉඩ නොදෙන බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් බාධා එල්ල කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර් දීන් පැවසීය.
Read Moreඑළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබේ.
Read Moreපසුගිය කාලය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුධ පිළිබඳ කතා කරමින් සිටි අයගේ සැබෑ අර්බුදය දැන් සමාජගත වන්නට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන පවසනවා.
Read Moreවැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25ක අධික වටිනා මත්කුඩු තොගයක් සහ 3.8 වර්ගයේ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් හා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට 31 දා වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට මරණ දණ්ඩනය නියම කළේය.
Read Moreතරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 58ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 2391 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකන්කසන්තුරය සිට මන්නාරම කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 60-65 දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30දා) නියෝගයක් නිකුත් කළේය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය සති කිහිපය තුළ තමා පිළිබඳව අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම ඉතා වේගයෙන් සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමාස ගණනාවක් පුරා සාර්ථකව කොවිඩ්-19 වෛරසය පාලනය කළ වියට්නාමය රට තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම ප්ර්ථම මරණය වාර්තා කර ඇති අතර, ෆීජි දූපත්ද ප්රතථම මරණය වාර්තා කර තිබේ.
Read Moreවැල්ලවාය පොලීසිය මඟින් ඊයේ (30) සිදුකළ වැටලීමකදී හෙරෝයින් මිලි ග්‍රෑම් 300 ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට තම පදනම මගින් උපකාර කරන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.
Read Moreඉතාලියේ ඊයේ (30) දිනයේදි PCR පරික්ෂණ 61,858ක් සිදු කර කොවිඩ් 19 ආසාදිතයන් 386 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreසමඟි ජන බලවේගයට සහාය දෙන තවත් UNP පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.
Read Moreඅටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන ඒම නොහැකි බවද පුළුල් ව්‍යවස්ථාවක් සෑදීමට ඕනෑකරන පුළුල් සංවාදයක් ගොඩගන්නට තුනෙන් දෙකේ බලය අවශ්‍ය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද(31) තංගල්ලේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
Read Moreදැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ( 2020.07.30 ) අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
Read Moreඅගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක නොකරන්න යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි. පොහොට්ටුවේත් ඩුප්ලිකේට් අපේක්ෂකයන් සිටින බවත් ඔවුන් යහපාලනයට මුක්කු ගැසූ බවත් පෙන්වා දෙන ඇමතිවරයා මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ සාමාජිකයන් මෙන්ම යහපාලනයෙන් අසරණ වුණු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැකගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කරයි.
Read Moreමෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක පැවසිය.
Read More