සංචාරකයන්ට රට විවෘත කලත් විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමත් අඛණ්ඩවම
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් මෙරටට ගෙන්වන අතරතුරම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමද අඛණ්ඩව සිදුවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 පීඩාවට පත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 45509 දෙනෙකු කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් 2020.11.30 මෙරටට පැමිණ ඇති බවයි. තවත් ශ්‍රී ලාංකිකයන් 58892ක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාල වල ලියාපදිංචි වී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශ වාර්තා මඟින් තහවුරු වන්නේ යැයි ඇමතිවරයා පෙන්වා දෙයි.
පසුගිය මාර්තු 10 වෙනිදා සිට නොවැම්බර් 31 වෙනිදා දක්වා කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 33063කි. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලින් 12446 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශ වාර්තාවට අනුව මෙලෙස දිවයිනට පැමිණී ශ්‍රී ලාංකිකයන්ගෙන් 30,000කට අධික පිරිසක් විදෙස්ගත ශ්‍රමිකයෝ වෙති.
මෙම කාලය තුල දිවයිනට වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මැදපෙරදිග කලාපයෙනි. ඊට අමතරව නැගෙනහිර ආසියානු හා පැසිෆික් කලාපයෙන් ද, දකුණු ආසියාව, එක්සත් රාජධානිය හා යුරෝපා කලාප වලින් ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් දිවයිනට පැමිණියහ.
මෙලෙස වැඩිම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දිවයිනට පැමිණ තිබේ. මාලදිවයින, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කටාර්, එක්සත් රාජධානිය, ඕමානය, ජපානය, සිංගප්පූරුව හා කුවෙට් යන රටවලින් ද වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි අදාල වාර්තා මඟින් සනාථ වන්නේ යැයි ඇමති ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කරයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

