කරන්දෙණිය ප්‍රා. සභාවේ මන්ත්රීවරයකුටත් කොවිඩ්
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් අලුත්ගම ,බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් දින පහ තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 24 දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (06) පැවසීය.
බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලිසියේ කොවිඩ් 19 වැළැක්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ නිලන්ත මහතා පැවසීය.
එම මන්ත්‍රීවරයා සිය බිරිඳගේ නිවෙස පිහිටි බේරුවල අරාබි පාරේ මේ වන විට පදිංචිව සිටින අයෙකු බව කියයි.
මෙලෙස හමුවූ ආසාදිතයන් දර්ගානගරය ,චීන කොටුව ,මරදාන, මග්ගොන හා බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
මේ වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 123 දෙනකු බව හෙතෙම පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

