saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8330 hours ago

LATEST

IDH රෝහලින් පැනගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයාගනියි

calendar_today 2020 නොවැ 22 - 10:19 remove_red_eye - 951  

කොවිඩ් ආසාදිතව කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එයින් පළාගිය කාන්තාව ඊයේ රාත්‍රි සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තලවකැලේ, ලිපකැලේ හා ආගරපතන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ (21) හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

Read More

කණිෂ්ඨ ට්‍රම්ප් අනුමාන කළේ සමහර විට ඔහුගේ පරීක්ෂණය ව්‍යාජ ධනාත්මක එකක් බවය. කෙසේ වෙතත් ඔහු දැනට ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන බවත්, පවුලේ අය සමග නිවාඩු ගත කිරීමට හැකි වේදැයි බැලීමට‍ තවත් පරීක්ෂාවක් සිදුකරන බවය.

Read More

ඕනෑම අවදානමක් අවම කිරීමේ මාධ්‍යයක් ලෙස අතථ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමත්, ස්තුති දීමෙන් පසු සති අන්තයේ වෙළෙඳ සැල් කරා සාප්පු සවාරියේ යෑම වෙනුවට මාර්ගගත සාප්පු සවාරි වඩා ආරක්ෂිත බවත් එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 239ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව covid – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තවත් රැදවියින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

මැදපෙරදිග රටවල් දෙකක රැකියා සදහා ගොස් , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත 11/21 දින මධ්‍යම රාත්‍රී සහ 11/22 අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 03 න් පැමිණ තිබුණි .

Read More

රටේ කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව, රුසියාව විසින් නව කොරොන වෛරසය ආසාදිතයන් 24,822ක් සෙනසුරාදා වාර්තා කර ඇති අතර, මේ වනවිට එරට ආසාදන මිලියන 2ක් ඉක්මවා තිබේ.

Read More

පෙරවරුවේ පැවති G20 නායක සමුළුව අතථ්‍ය ආකාරයෙන් ආරම්භ වන අවස්ථාවේදී පමණක් ට්‍රම්ප් තිරයේ කෙලවරක පුංචි කොටුවක පෙනී සිට ඇති අතර, මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඔහුගේ සහභාගීත්වය නාමික සහභාගීත්වයක් පමණක් වී ඇත.

Read More

මෙම නව ආසාදන පිළිබඳ වාර්තා වන්නේ සිංගප්පූරුව සහ හොංකොං අතර ඇති කිරීමට ගිය ජනප්‍රිය සංචාරක බුබුලද කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කිරීමෙන් පසුවය. එය සති දෙකකින් ප්‍රමාද කිරීමට ඔවුන් තීරණය කර තිබුණි.

Read More

ගෝලීය කොරෝනා එන්නත් වැඩපිළිවෙළ සඳහා ඇ.ඩො.බිලියන 4.5ක ක්ෂණික අරමුදල් අවශ්‍යව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් G20 රටවල නායකයන්ට කියයි.

Read More

ලෝකයේ බලවත්ම රාජ්‍ය වුවද, ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 හමුවේ වඩාත්ම දුර්වල රාජ්‍යයක තත්ත්වය පෙන්නුම් කර ඇති බව විශේෂඥ මතයයි. විශේෂයෙන්ම නිසි ප්‍රතිපත්තිමය තීරණ, නිසි වෙලාවට නොගැනීම මීට හේතු වී ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හේතුවෙන් ලෝකයේ රාජ්‍යයන් රැසක ආර්ථිකයන් අඩපණ වී, ජනජීවිතයට ප්‍රබල පහරක් එල්ල වී තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන් මරණ 9 ක් අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සියලු මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. මෙම මරණ 9න් මරණ තුනක් නිවසේදී සිදුව තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ඇති ආසාදිතයන් සංඛ්‍යාව 487කි. මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

Read More

පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

Read More

බන්ධනාගාර ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

2021 අයවැය විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් අද (21) කලුකොඩි දමා ඊට විරෝධය පෑය.

Read More

හම්බන්තොට වරාය කලාපය තුළ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙය හම්බන්තෙට වරාය කලාපයට ලැබෙන පළමු සෘජු විදේශ ආයෝජනය බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 235 දෙනෙකු අද පෙරවරුව දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා වසංගතයෙන් හලාවත ජනතාව බේරා ගැනීමේ අරමුණින් අද (21) උදෑසන සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළඳපල වසා දමා තිබේ.

Read More

අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය පවසයි.

Read More

නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් නැවත ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ දින රාත්‍රියේ සිට ආරම්භ වු බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය .v

Read More

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

දේශියව පුද්ගලයින් 435 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු ඇතුළු විදේශිකයින් 3 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයෙකු මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.