දකුණේ කොවිඩ් ආසාදිතයන් 2416ක් දක්වා ඉහළට
දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (26දා) වාර්තා වූ නව ආසාදිතයින් 85දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,416 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,297ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 870 දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 249ක් දක්වා ද ඉහල ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 03දෙනකු ද අලුතින් වාර්තා වී ඇත.
දකුණු පළාතේ පවුල් 2,600ක පුද්ගලයෝ 7,084දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,223ක පුද්ගලයින් 2,924දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 919ක පුද්ගලයින් 3,246දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 458ක පුද්ගලයින් 914ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.
කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 85,127ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 39,358ක් ද මාතර පරීක්ෂණ 26,187ක් ද හම්බන්තොට පරීක්ෂණ 19,582ක් ද සිදුකර තිබේ.
දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 1407දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 778දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 485දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 144දෙනකු ද සුවය ලබා ඇත.
සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

