වතු කම්කරු වැටුප රු 1000ක් කිරීමට කැබිනට් අනුමැතිය
වැවිලි අංශ සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැවීම සඳහා අවශ්‍ය පියවර ගැනිමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වැවිලි සේක වැටුප් සාමූහික ගිවිසුමෙයි විධිවිධාන අනුව රුපියල් 50ක ස්ථාවර මිල දීමනාවක් ඇතුළුව රුපියල් 750ක දෛනික වැටුපකට හා ඵලදායිතාව හා සම්බන්ධිත නියමිත කිලෝ ග්‍රෑම් ප්‍රමාණය ඉක්මවන්නේ නම් Over kilo rate නමින් තවත් දීමනාවක් සහිතව වැටුප් ලැබීමට වැවිලි අංශ සේවකයන් හිමිකම් කියයි.
2020 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින්ද වතු කම්කරු වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි සේවක වැටුප් සාමූහික ගිවිසුමට අත්සන් තබා ඇති පාර්ශ්වයන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් එම සාමූහික ගිවිසුමේ එක් පාර්ශ්වයක් වන වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරනු ලබන ලංකා සේව්‍ය සම්මේලනය දෛනක වැටුප රුපියල් 920ක් දක්වා ඉහළ නැංවීමටද යෝජනා කර තිබේ.
මෙම කරුණු සැලකිල්ලට ගෙන අයවැය යෝජනාව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි පඩිපාලක සභා මගින් වැවිලි අංශ සේවකයන්ගේ වැටුප රුපියල් 1000න් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
-
Demuni Uduwara Wednesday, 27 January 2021 02:33 AM
RPCS' initial proposed wage is Rs.700/- ; other probable incentives from the attendance and production are variable. Hence wage of Rs.1000/- is a myth.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

