saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8171 hours ago

LATEST

ෆයිසර්, මොඩෙර්නා එන්නත් ද. අප්‍රිකා ප්‍රභේදයට ඵලදායීලු

calendar_today 2021 පෙබ 18 - 07:52 remove_red_eye - 371  

දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු B.1.351 කොරෝනා වෛරස ප්‍රභේදයන් වෙතද ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත හා මොඩෙර්නා එන්නත තවදුරටත් ආරක්ෂාව සපයන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි.

සමහර තනි මාදිලියේ පුරෝකථනයන් මෙන් නොව, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සිදුකරන සමූහ පුරෝකථනය මගින් අනාගතයට සති කිහිපයක් පමණක් ප්‍රක්ෂේපණය කරයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව එන්නතෙහි බ්‍රසීල හවුල්කරු එම එන්නතෙහි සායනික ප්‍රතිඵල මත පිහිටා පවසා සිටියි.

Read More

ඊයේ (18දා) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 713 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,428,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

අපේ තියනවා ඩොරොඩා කියලා ළිදක්, දෙදහස් එකොළහේ දී කැනපු ඒහි ගෑස් තියනවා වසර 30කට මෙගාවොට් 1000 ක විදුලි බලාගාරයක් නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත්. බැරකියුඩා කියන ළිඳේ වසර දහයක් මෙගාවොට් 300 ක ගෑස් විදුලි බලාගාරයක් නඩත්තු කරන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා .මේ මහා සම්පත පොළොව යට තියාගෙන අපි ලෝකයට ණය වෙමින් දුක් විඳිමින් සිටිනවා.

Read More

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) අරලිය ගහ මන්දිරයේ දී රැස්විය

Read More

ගාල්ලේ සිදුවූ මරණ දෙකක් සම්බන්ධව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිත බව අද (17දා) තහවුරු වූයේ යැයි රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හා කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.

Read More

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 344ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 344ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,897ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 25 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අද (17) දිනය තුළ ආසාදිතයින් 369 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 747 දෙනෙකු අද (17) දිනය තුළ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොරෝනා රෝග වෛරසය මර්දනය පිණිස වන ’’ ඇස්ට්‍රා සෙනෙකා ’’ එන්නත සාමාන්‍ය ජනතාවට ලබාදීම යටතේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙහි ආරම්භ කිරීම ඊයේ සිදු කෙරිණි.

Read More

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා හොරෙයින් මත් කුඩු සහ මුදල් සමඟ පුද්ගලයෙක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදී 16 අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 60ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) පෙරවරු 6.00 වන විට 5830ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බද්දේගම නගරයේ ප්‍රධාන බාලක පාසලක විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

රටේ ආණ්ඩුව අනුගමනය කරන යටත් වෙච්ච දීන ප්‍රතිපත්තිය නිසා වෙනත් රටවල පක්ෂ නායකයන් හා ආණ්ඩු අපේ රටට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

Read More

යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටි 3කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු පිළියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ නිවාරන කොට්ඨාසය කියයි .

Read More

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාස හතරක කුඩා දැරියක් මියගොස් ඇති අතර ඉන් අනතුරුව එම දැරියට සිදු කරන ලද පි.සි.ආර්. පරීක්ෂණයේදී එම දැරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි .

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය සතියේ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 81,000ක් සහ නව ආසාදිතයන් මිලියන 2.7ක් වාර්තා වී ඇති බවයි. එය ඊට පෙර සතියට සාපේක්ෂව නව ආසාදිතයන් 500,000කට වඩා අඩු වීමකි.

Read More

මොරොක්කෝවට මේ වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබී ඇති අතර, ඉතිරිය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 6ක ප්‍රමාණයකි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුවාද දෙකම හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ කොළ එළි දල්වා දිනකට පසුව මෙම වැඩපිළිවෙළද ක්‍රියාවට නැංවෙයි.

Read More

මැදපෙරදිග , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිංසා , පීඩා වලට ලක් වී , යළි සියරට වෙත පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 389 දෙනෙකු අද දින අලුයම ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

හේග් අධිකරණයට ​​අනුව, ඇඳිරි නීතිය මගින් නිදහසේ ගමන් කිරීමට සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන විටත් රට තුළ ආසාදන අනුපාතය පහත වැටෙමින් තිබූ බැවින් එය බලාත්මක කිරීම යුක්ති සහගත නොවන බවත් අධිකරණය පවසා තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හංගේරියාවේ අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පවසා ඇත්තේද තමන්ට සීනොෆාම් එන්නත ලබා ගැනීමට අවශ්‍ය බවය. පසුගිය සතියේ හංගේරියාව රුසියාවේ ස්පුට්නික් වී එන්නත භාවිත කිරීම ආරම්භ කරන ලදී.

Read More

එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් 2020 දෙසැම්බර් දක්වා සම්පලවලින් මේ දක්වා රෝගීන් 38ක් සොයාගෙන ඇති අතර, ඒ විශේෂයෙන්ම වේල්සයේ ආසාදිතයන් දෙදෙනෙක් සහ එංගලන්තයේ 36ක් ලෙසිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.