සීනොවැක් එන්නත බ්‍රිතාන්‍ය, ද. අප්‍රිකා ප්‍රභේද වළකනවාලු
චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකානු ප්රභේදයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව එන්නතෙහි බ්‍රසීල හවුල්කරු එම එන්නතෙහි සායනික ප්‍රතිඵල මත පිහිටා පවසා සිටියි.
"අපි මෙම එන්නත බ්‍රිතාන්‍ය හා දකුණු අප්‍රිකානු වෛරස ප්රභේදයන්ට එරෙහිව අත්හදා බැලුවා. හොඳ ප්‍රතිඵල ලබා දී තිබෙනවා" යැයි චීන එන්නත පිළිබඳ දේශීය අත්හදා බැලීම්වලට නායකත්වය දෙන සහ බ්‍රසීලයට එන්නත් මාත්‍රාවන් සපයන සාඕ පවුලෝ හි බුටැන්ටන් ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ඩීමස් කෝවාස් පැවසීය.
කෝවාස් මේ බව කියා සිටියේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ අභ්‍යන්තරයේ පිහිටි කුඩා නගරයක් වන සේරානා හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. බුටැන්ටන් බදාදා මහජන එන්නත ලබාදීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, එය සමස්ත වැඩිහිටි ජනගහනය කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කරමින්, ඉන් ආසාදන අනුපාතය අඩු කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහාය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

