මැදපෙරදිග සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
මැදපෙරදිග , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිංසා , පීඩා වලට ලක් වී , යළි සියරට වෙත පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 389 දෙනෙකු අද දින අලුයම ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ශ්‍රී ලංකා රජය, විදේශ ගත ශ්‍රමිකයන් ප්‍රශ්න වලට ලක් වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල අසරණ වී සිටින පිරිස එකතු කර , කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙසේ අද දින ගෙන්වා ගෙන තිබුණි .
මෙයින් පළමු ගුවන් යානය අද ද අලුයම 4.00 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 238 දෙනෙකු රැගෙන ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එරට මේ ආකාරයට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 151 දෙනෙකු රැගෙන , දෙවන ගුවන් යානය ලෙස අද දින අලුයම 4.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
