හංගේරියාව වෙත චීනයේ සීනොෆාම් එන්නත ලැබෙයි
චීනයෙන් හා රුසියාවෙන් කොරෝනා එන්නත් අනුමත කළ එකම යුරෝපා සංගමයේ සාමාජිකයා වන හංගේරියාවට චීනය විසින් ලබාදෙන ලද සීනොෆාම් එන්නත් මාත්‍රා 550,000ක් ඊයේ (16දා) පැමිණ තිබේ.
එය අපේක්ෂිත එන්නත් තොග හතරෙන් පළමුවැන්න වන අතර, මැයි අග වනවිට මාත්‍රා මිලියන 5ක් හංගේරියාව වෙත පැමිණෙනු ඇති බව චීනය කියයි.
මිලියන 10ක් පමණ වන හංගේරියානු ජනගහනයෙන් හතරෙන් එකක් එන්නත් කිරීමට එය ප්‍රමාණවත් වේ. මාත්‍රාව ලබාදීමට පෙර අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදුවනු ඇත.
බුඩාපෙස්ට් ගුවන්තොටුපලේදී එන්නත් තොගය භාරදෙමින් හංගේරියාවේ චීන තානාපති ක්වි දයූ පැවසුවේ මෙම එන්නත් මගින් වසංගතය මැඬපැවැත්වීමට සහ ජනතාවගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීමට යුරෝපයේ ඇතුළු ලෝකයේ සියලුම රටවලට උපකාර කළ හැකි යැයි චීනය බලාපොරොත්තු වන බවය.
හංගේරියාවේ අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පවසා ඇත්තේද තමන්ට සීනොෆාම් එන්නත ලබා ගැනීමට අවශ්‍ය බවය. පසුගිය සතියේ හංගේරියාව රුසියාවේ ස්පුට්නික් වී එන්නත භාවිත කිරීම ආරම්භ කරන ලදී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

