saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8153 hours ago

LATEST

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සෙබලාට යුද හමුදාවෙන් පරීක්ෂණයක්

calendar_today 2021 පෙබ 25 - 09:51 remove_red_eye - 714  

හෙරොයින් කිලෝ 45ක් රැගත් වාහනය පදවන ලද යුද හමුදාවේ සොල්දාදුවට එරෙහිව යුද හමුදා නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

යුද හමුදා වෑන් රථයක් ලෙස හැගෙන පරිදි මෙම වෑන් රථය යොදාගෙන ඇති අතර එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා යුද හමුදාවට අනියුක්තව සිටින පුද්ගලයෙක් බවත් ඔහු යුද හමුදා නිල ඇඳුමෙන්ම සිට ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකයවරයා පැවැසීය. වෑන් රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් පළාගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක් වෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 35දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් ගණන 1217 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

Read More

ෆේස්බුක් සහ ගූගල් ආදී අන්තර්ජාල තාක්ෂණික සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතියක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.

Read More

දෛනික ආසාදන පහළ යෑම පරීක්ෂණ අඩුවීම නිසාද සිදුවිය හැකිය. මෙහිදී පරීක්ෂණ ධනාත්මක අනුපාතය වඩාත් වැදගත් වෙයි. ඉහළ ධනාත්මක අනුපාතයකින් ඇඟවෙන්නේ රට පුළුල් ලෙස පරික්ෂාවක් නොකරන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම යටතේ, නැවත විවෘත කිරීමට පෙර රටවල්වල පරීක්ෂණ ධනාත්මක අනුපාතය 5% හෝ ඊට අඩු විය යුතුය.

Read More

ඇමෙරිකානු වෛරස විද්‍යාඥයන් විසින් B.1.427 / B.1.429 ලෙස හඳුන්වන ප්‍රභේදය, වඩාත් බෝවන වෛරසයක් පමණක් නොව, වඩාත් දරුණු රෝග ඇති කිරීමටද ඉඩ ඇති ප්‍රභේදයක් බව මූලිකව හඳුනාගෙන ඇත.

Read More

අඛණ්ඩව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 100ට අඩු අගයන්වලින් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ්-19 වැළැක්වීම සඳහා සීනොෆාම් හි වූහාන් ආයතනය විසින් නිපදවන ලද එහි දෙවැනි හා නව කොවිඩ්-19 එන්නතක් 72.51%ක් ඵලදායී බව සමාගම ඊයේ (24දා) නිල වශයෙන් දැනුම් දී තිබේ.

Read More

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read More

COVAX වැඩසටහන සැලසුම් කර ඇත්තේ ධනවත් හා දුප්පත් ජාතීන් අතර කොරෝනා වෛරස එන්නත් වඩාත් හොඳින් හා ඵලදායීව බෙදා හැරීම සහතික කිරීම සඳහා ය. 2021 අවසන් වන විට මාත්‍රාව බිලියන දෙකක් සිය සාමාජිකයින්ට ලබාදෙන බව COVAX පවසයි.

Read More

මොසැම්බික් වෙත චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයේ පළමු කාණ්ඩය මෙන්ම, චීනයේ එන්නත් තොගයේ පළමු කණ්ඩය ඊයේ (24දා) උදෑසන බොලිවියාවේ සැන්ටා කෘස් වෙතද පැමිණ තිබේ.

Read More

ඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 5කින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් ඩන්කර්ක් නගරයේ කොවිඩ්-19 ආසාදන ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර ගත් බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 112,500,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ් එන්නත් 366907ක් ලබාදී අවස්න බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 266 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ 2021.02.23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

අද (24) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 32 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 192 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල නායකයකු වන මිදිගම චින්තක නොහොත් හරක් කටාගෙ ප්‍රධාන ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු අවි ආයුධ රැසක් සමග ඊයේ (23) රාත්‍රී අහංගම ,රිදීගම නැගෙනහිර ,දම්මල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දී ඇ​ත.

Read More

මුතුරාජවෙළ අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිගේ පූර්ණ අවධානය යොමු වී තිබෙන බවත් ඒ අනුව මෙම වටිනා තෙත් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බදවා ගනු ලැබූ පිරිස් රෝහල්වලට අනුයුක්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක උපස්ථායක යන කාර්ය මණ්ඩලවල ශ්‍රේණීන් පහතවැටීමක් සිදුවන බැවින් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව දියත් කළ දෙදින වැඩ වර්ජනය බදුල්ල මහ රෝහලේදී අද (24) ක්‍රියාත්මකවිය .

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (24) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 38 දෙනෙකු හමුවූ බව මොනරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.