දික්වැල්ල පළමු තරගයේදී එළියට
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
කුසල් පෙරේරාගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කරන පළමු තරගය මෙය වෙයි.
පසුගිය තරග කිහිපයේදීම දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් අතර පැවැති තරගයේදීද සාර්ථක දක්ෂතා පෙන්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.
ඔහු වෙනුවට කුසල් පෙරේරා කඩුලු රැකීමට නියමිතය. නවක ක්රීඩකයන් වන පැතුම් නිශ්ශංක හා අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් වෙනුවෙන් පිරිනැමීමට නියමිතව තිබූ ක්රිඩක කොන්ත්රාත්තුවේ වැඩිම අගයක් හිමිවූ ක්රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙක් වූයෙ නිරෝෂන් දික්වැල්ලයි.
ශ්රී ලංකා කණ්ඩායම - පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතලික, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, අශේන් බණ්ඩාර, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
