මේ රට පත්ව ඇති ව්‍යසනයට රජය වගකිව යුතුයි - මරික්කාර්
කොවිඩ් 19 වෛරස ව්යාප්තියමර්දනය කිරීමට රජයට නිසි සූදානමක් දැක්මක් නොතිබීම හේතුවෙන් වෛරස ආසාදිතයන් හා මරණ දිනෙන් දින වැඩි වැඩි වෙමින් පවතින බවත් මුට්ටි දමමින් පැණි බොමින් හිටියා මිස ඊට පෙර සූදානමක් නොතිබූ බවත් වත්මන් අවදානම් තත්වයට රට පත්ව තිබෙන්නේ රජයේ නොහැකියාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය .
මහනුවර සංචාරයක නිරත වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
අපි කල්තියාම කිව්වා එන්නත්කරනය කඩිනම් කරන්න කියලා . එවිට රජයේ පාර්ශව කිව්වේ දේශීය වෙදකම ගැන විශ්වාසයක් තිබෙනවා කියලයි . අද වන විට තත්ත්වය බරපතල වී වෛරසය ආසාදනය වූ අපගේ යාළුවන් ඥාතීන් ඇතුළු හොඳට හිටපු මිනිසුන් මිය යන තත්ත්වයට පත්ව තිබෙනවා .ඇතැම් ඇමැතිවරු කියනවා 2000ක් මැරුනාම මොකද කියලා . නමුත් වේදනාව තිබෙන්නේ මියගිය අයගේ පවුල්වලටයි .
ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය කියලා තිබෙනවා අපි සෞඛ්‍යය ගැන දන්නේ නෑ එම නිසා ඊට මුහුණදීම සඳහා වෛද්‍ය විශේෂඥයන්ට රටයථා තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඉඩ දුන්නා කියා .
එම නිසා අපි නොදන්න දෙයක් වෙනත් දන්න විශේෂඥයෙක් කිව්වම ඒ අයගේ මතයට ගරු කරන්න හුරුවිය යුතුයි. එම නිසයි අපිත් කියන්නේ රට කෙටි කලකට වහන්න කියා . රටේ ජනතාව පිළිගනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන් කියන දේ පමණක් බව ද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය .
ෂේන් සෙනෙවිරත්න
popular news
-
bandara Sunday, 23 May 2021 05:39 PM
Prof. Shavindra knows everything. Do not waste your time Marikkar.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

