saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7265 hours ago

LATEST

ඇස්ට්‍රාසෙනෙකා විදීම නතර කරන්න හේතුවක් නෑ - WHO

calendar_today 2021 මාර් 14 - 06:45 remove_red_eye - 406  

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් සිද්ධීන් කිහිපයක රුධිර කැටි ගැසීමේ වර්ධනයක් වාර්තා වීමෙන් පසු විශේෂයෙන් යුරෝපයේ රටවල් ඇතුළු ලොව පුරා රටවල් පෙළක් එම එන්නත් ලබාදීම නතර කර ඇති පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් මෙම නිවේදනය සිදුකර තිබේ.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,471,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

Read More

විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී.

Read More

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතකු පවසන ලදි.

Read More

අද (13) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 179ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් -19 ආසාදිතයින් 295 දෙනෙකු සුවය ලබා තිබේ.

Read More

බන්ධනාගාරවලින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 5,125ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම අද 12 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

ඕනෑම රට ජාතික ධජය එරට සංකේතයක් බව චීනයේ ස්ථාවරය බවත් එයට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ වහබ් හා ජිහාඩ් මතවාදය පැතිර වීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල් හලීම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඊයේ ඔහු සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයේදී මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයකට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර පවසයි.

Read More

අයිස් මත්‍ද්‍රව්‍ය 1.26Kg සමඟ 57 හැවිරිදි කාන්තාවක් ගෝනපොළදි STF අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට ඊයේ (12) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

Read More

’’වසංගතයට එරෙහි සටනේදී අපට විශාල මෙවලම් දෙකක්, විශාල සගයන් දෙදෙනෙක් සිටිනවා. එකක් මේ එන්නත සහ අනෙක වසංගතය හමුවේ ඔබ (ජනතාව) ඔබ ගැනම දක්වන සැලකිලිමත් බව’’ යැයි ජනාධිපතිවරයා සන්තියාගෝ අගනුවර චිලී ගුවන් හමුදා සායනික රෝහලදී එන්නත ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

Read More

වසංගතයට එරෙහි රටේ අරගලයේ තීරණාත්මක මොහොතේ චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිබඳව බහරේන් සෞඛ්‍ය අමාත්‍ය ෆීකා සයීඩ් අල් සාලේ සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ, බහරේනයට චීන එන්නත් පැමිණීම එරට ජනතාව වෙත එන්නත ලබාදීම සඳහා විශාල සහායක් වනු ඇති බවයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 30 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,515 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More
අද කාලගුණය
13 03 2021 08:10:00
0 259

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම ජනවාරි මාසයේදී බඳවා ගැනීම සම්පූර්ණ කර ඇති අතර, එයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ 32,000කට වැඩි පිරිසක් ඇතුළත් වූ බවත් සඳහන් වේ. ඒ අනුව මෙම පිරිසෙන් අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකුට පමණක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, එන්නතෙහි කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා මෙම දත්ත භාවිත කරන බවත් සමාගම පවසා තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් මාත්‍රාවක එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, සෑම රටකම එන්නත් සැපයීමේ පහසුකම් අතරට එක්විය යුතු බව සඳහන් කර තිබේ.

Read More

33 හැවිරිදි සාරා එවරාඩ් පසුගිය මාර්තු 03දා මෙම පැහැරගැනීමට ලක්ව ඇති අතර, පසුව ඇගේ සිරුර පසුගිය බදාදා කෙන්ට්හි වනාන්තරයක තිබී සොයාගනු ලැබීය.

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂි නොමැති බවත්, දැනට එන්නත ලබාගෙන ඇති මිලියන ගණනක් පිරිස අතර ඉතා සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් පවසයි.

Read More

යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ ලැයිස්තුවට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා එකතු කරන බවයි.

Read More

’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වර්තමාන වාර්තා හොඳින් තක්සේරු කරමින් සිටිනවා.’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ සිදුවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ අපගේ වර්තමාන නිර්දේශයන්හි යම් වෙනසක් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියද 2-0ක් ලෙස තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට කොදෙව් කණ්ඩායම සමත්විය.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 176 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 54 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.