saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7272 hours ago

LATEST

ආසාදිතයින් 115ක්

calendar_today 2021 මාර් 12 - 18:45 remove_red_eye - 139  

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 115ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

Read More

හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන මහා සංඝරත්නය ගැටළුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කරති.

Read More

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JAICA) ආයතනයේ අධාර මත2013 දී සිදුකළ නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා DI පයිප්ප සහ උපාංග ‍ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් 62,499,656 ක මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදුවී ඇති බව පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ’’Sri Lanka Flag Non-Slip Doormat’’ ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමට අදාළ පාපිස්නාව නිශ්පාදනය කර ඇත්තේ චීනයේ නිෂ්පාදකයෙක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි ආර්.එම් කුසුමාවතී හෙවත් සඳමාලි නැමැති කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවාස්කුලම් පොලීසිය සමත් විය.

Read More

විදුලි කණුවල ගැටී සිදුවන අනතුරු අවම කිරීම සඳහා මාර්ග ආශ්‍රිතව අවිධිමත්ව පවතින විදුලිකණු නිවැරදිව ඉවත්කිරීමට සහ සුදු වර්ණය ආලේපකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡාකොට ඉක්මනින් වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ.

Read More

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මගී ගුවන් යානා 16ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

රාගල පොලිස් වසමට අයත් රාගල වතුයායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

උදාවන සති අන්තය තුළ කටයුතු කිරීමේදී නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More

සීනි බදු අඩු කිරීම තුළින් රජය බලාපොරොත්තු වූයේ මහජනතාවට සහනයක් සැලසීම වුවත් අවසානයේ මේ රටේ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පිරිසක් එම සහනය තමන්ගේ සාක්කුවට දමාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශයේ ජලය ඊයේ (11) රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට කටයුතු කරන ලදි.

Read More

බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු අතුරුදහන් ව ඇති බවත් , එම තරුණයා සොයා දින තුනක් තිස්සේ පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කලත් , අතුරුදහන් වු තරුණයා පිළිබදව කිසිදු හොඩුවාවක් මෙතෙක් ලැබි නොමැති බවත් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලිබලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

Read More

’’ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙය විශාල ඉදිරි පියවරක් ලෙස දකිනවා. අපිට හොඳයි කියා සිතනවා. මේ නිසා ඔවුන් තුළ එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුවද අඩු වෙනවා. අපි මේ වසංගතය ජය ගත්තා යැයි ඔවුන් සිතනවා. නමුත්, අප සිතන දේට අප තවම පැමිණ නැහැ.’’

Read More

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසු තැනින් තැන වැසි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඊයේ (11දා) ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවන බව ප්‍රකාශ කළේය.

Read More

කොංගෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එන්නත සඳහා ප්‍රමුඛතාව සෞඛ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, පොලීසිය, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට මෙන්ම අවුරුදු 50 ට වැඩි අය ලෙස දක්වා තිබේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය කලාපයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා පළමු තනි මාත්‍රාවක එන්නත සඳහා මගපාදා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

චීනයේ ඖෂධ සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත මිලියන 3ක් නිපදවීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරී නිමවුම් ද්‍රව්‍ය දෙවැනි තොගයත් ඊයේ (11දා) ලැබී තිබේ.

Read More

ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය සහ ඇගේ සහකරු වන ඩැනියෙල් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ස්වීඩන් මාධ්‍ය වර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 118,446,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (11) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 134ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ලක්ෂපාන විදුලි බලාගාරයේ කොවිඩ් ආසාදිතයන් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවති ඉකුත් දිනවලදී වෙනත් පුද්ගලයින් වෙනුවෙන් එම විභාගයට පෙනී සිටි සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.