saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Latest News - timelapse 7528 hours ago

LATEST

මාතලේ දෛනික ආසාදිතයින් ඉහළට

calendar_today 2021 මැයි 18 - 15:36 remove_red_eye - 311  

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (18)දා දහවල් වන විට සමස්ත රෝගින් සංඛ්‍යාව 3180 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය පැය 24 තුළ රෝගින් 125ක් හමුවි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 12ක පුද්ගලයන් නම දාහකට ආසන්න ප්‍රමාණයකට සයිනොෆාම් එන්නත මේ වන විට ලබාදී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.

Read More

උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවු බව පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව වාර්තාවෙයි.

Read More

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (17) දිනයේ ගම්පහ සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඉහළ අගයක් ගෙන තිබුණි.

Read More

බේරුවල, පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන විත් ගාලුපාර ඔස්සේ පාගමනින් බේරුවල සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලීසිය එක්ව එම ආසාදිතයාව බේරුවල මාගල් කන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් .ඩි. ට්. නයනජිත් පැවසීය.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ වෙළඳපොළට ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා චීනය ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රි ලංකාව අවධාරණය කරයි.

Read More

අදට (18) යෙදී ඇති මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.

Read More

මුලතිව් මුල්ලිවයික්කාල් යුදසැමරුම් සඳහා පනවා තිබූ අධිකරණ තහනම් නියෝගයන් සංශෝධනය කොට කොන්දේසි දෙකක් මත සැමරීමට මුලතිව් අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

Read More

එදා යුද්දෙට ගිය කිසිකෙනෙක් ඒ සඳහා ගියේ ජන සංහාරයක් කරන්න නෙවෙයි. එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ සේනා මෙහෙයවපු අය නොවෙයි.

Read More

රාජ්‍ය සේවයකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින කොවිඩි-19 වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 494 දෙනෙකු අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 80 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා රජරට විශ්ව විද්‍යාල වෙබ් පිටු වෙත මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබේ.

Read More

හෙට පෙ.ව 8.30 සිට පැය 16ක් පැලියගොඩ ,වත්තල -මාබෝල , ජා ඇල නගරය ,කටුනායක ,සිදුව,කැලණිය ,වත්තල ,බියගම ,මහර ,දොම්පේ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

Read More

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති කිහිපයක් සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Read More

මැයි 24 දා සඳුදා 25 දා අඟහරුවාදා විශේෂ රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ. එසේම මැයි 26 දා 27 දා වෙසක් පොහෝ දිනයන් නිවාඩු වෙයි.

Read More

දේශීය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ තීරණාත්මක අවස්ථාවකදී එක්සත් ජනපදය ඒකපාර්ශවිකව හමුදා ඉවත් කර ගැනීම ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වයට අවිනිශ්චිතතාවයක් ගෙන ආවත්, ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැපවන බවත්, එරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේද පොදු අපේක්ෂාවන් මල්ඵල ගන්වන බවත් චීනය පවසයි.

Read More

වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) 12 වසරක් සපිරෙයි.

Read More

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

Read More

රුසියාවේ නිෂ්පාදිත ’ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. තුරෙයිරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 424823ක් හා දෙවැනි මාත්‍රාව වශයෙන් 2435ක් ලබාදී තිබේ.

Read More

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායනය නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 981ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගෙවීගිය දිනයේ අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 335ක් රට තුළ වාර්තා වීමෙන් පසුව මෙම තහනම පැනවී අති අතර, එම ආසාදිතයන් අතරින් 333ක්ම දේශීයව සම්ප්‍රේෂණය වූ සිද්ධීන් වීම ඔවුන්ගේ වැඩි අවධානයට යොමුව ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 854 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 17 වනදා දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 277දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 13,291 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

දේශපාලන පලිගැනිම් පිළිබදව සොයා බැලු ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කිරිමේ රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරු විසින් ඉදිරිපත් කල පෙත්සම් සලකා බැලිම ලබන 25 කැඳවිමට අභියාචනාධිකරණය නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.