saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Latest News - timelapse 7534 hours ago

LATEST

නිරෝධායන නීති කඩකළ 262ක් අත්අඩංගුවට

calendar_today 2021 මැයි 17 - 09:53 remove_red_eye - 87  

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 262 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 36 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව බුස්ස බන්ධනාගාරය පවසයි.

Read More

පිළියන්දල පොලිස් වසමේ සංවර්ධන නිලධාරිනියකට පහර දීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක නිරත වන බව ආරංචි වෙයි.

Read More

මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස මීට සුලු මොහොතකට පෙර කිරුළ පැළදුවාය.

Read More

තාලිංගාමඩ ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිණියට උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරියක් විසින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් උකුවෙල කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් රාජකාරිවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදී සිටියි.

Read More

එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීම් සදහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 375316ක් හා දෙවැනි මාත්‍රාව වශයෙන් 2435ක් ලබාදී තිබේ.

Read More

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, කලුතර, පොලොන්නරුව හා නුවරඑළියට අයත් ප්‍ර දේශ කිහිපයක් මෙසේ හුදෙකලා බවින් නිදහස් කර තිබේ.

Read More

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කර පුද්ගලයින් 262ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, රත්නපුර, ගාල්ල, අම්පාර, කලුතර, මාතලේ හා නුවරඑළියට අයත් ප්‍ර දේශ 70ක් මෙසේ හුදෙකලා කර තිබේ.

Read More

ඊශ්‍රායලයේ මෙරොන් කන්දෙහි පැවති ආගමික උත්සවයකදී 45 දෙනෙකු මියගොස් සති දෙකකට පමණ පසුව මෙම අනතුර සිදුව ඇත. එසේම ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගාසා තීරයේ දරුණු ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක මෙම අවාසනාවන්ත ඉරණමටද ඊශ්‍රායල් යුදෙව්වන්ට මුහුණ දීමට සිදුව තිබේ.

Read More

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසියේ සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පූර්ව දැනුවත් කිරීමකින් තොරව එළඹීම හේතුවෙන් අද (17 දා) දිනට සැලසුම් කල දුම්රිය ධාවනය නොවනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 962ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඉන්දියාවම ගිලගෙන ඇති ඒ මහා වසංගතය හමුවේ තමන්ට විශාල දෙයක් කළ නොහැකි වුවත්, ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස සිය ජීවිකාව ගෙනගිය, රාජ් කුමාර් සහ ජාවෙඩ් ඛාන් දැන් තම පුංචි ටුක්-ටුක් රථ ගිලන් රථ බවට පරිවර්තනය කරගෙන පරාර්ථකාමී සේවාවක් නොමිලේම සපයමින් සිටිති.

Read More

කොවිඩ් රෝගීන් වෙනුවෙන් දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය අද (16) දිනයේ සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ සමත්වූහ.

Read More

අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

පළාත් සංචරන සීමා පනවා තිබුණද හෙට (17) අළුයම සිට අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් පිට පළාත්වල සිට කොළඹට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වී සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යන පල්ලව් බග්ලාට වෛද්‍යවරුන් යමක් පෙන්වීය. ඒ වෛරසයට එරෙහි එන්නත් ලබා නොගත් ඔහුගේම වයසේ දියවැඩියා රෝගියෙකුද වන ආසාදිත පිරිමියෙකුගේ පෙනහළුවල ස්කෑන් පරීක්ෂාවකි. වෛද්‍යවරු එය බග්ලාගේ පෙනහළුවල ස්කෑන් පරීක්ෂාව සමග සැසඳීය. එය දැකීමෙන් ඔහු විශ්මයට පත්විය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 480ක් (16) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,212කි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන බවත් අද පෙරවරුව වන විට තුන්වන ‍රැල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.

Read More

සංචරණ සීමා ඉවත් වුවත් හෙට සිට මැයි 31 දා තෙක් රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රාත්‍රියේ සංචරණ සීමා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 1732ක් වාර්තා වි තිබේ.

Read More

’’යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ.”

Read More

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ගම්පහ ඩිපෝවේ සේවය කළ ලංගම සේවකයෙක් මියගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

හෙට දිනයේ සිට පිට පළාත්වල සිට දුම්රිය පහක් කොළඹට ධාවනය කිරිමට සැලසුම් දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

හෙට දිනයේදී සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පළාත් අතර සීමිත බස්රථ ප්‍රමාණයක් හා දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසී්‍ය.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් 16 දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (16)දා දහවල් වන විට සමස්ත රෝගින් සංඛ්‍යාව 3001 ක් දක්වා ඉහළ ගොස් ඇති බවමාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවතම ශ්‍රී ලංකාව සිතියම නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.