යුදසැමරුම් ගැන අධිකරණ තහනම සංශෝධනය වෙයි
මුලතිව් මුල්ලිවයික්කාල් යුදසැමරුම් සඳහා පනවා තිබූ අධිකරණ තහනම් නියෝගයන් සංශෝධනය කොට කොන්දේසි දෙකක් මත සැමරීමට මුලතිව් අධිකරණය විසින් අවසර ලබා දී ඇත.
නීතීඥ ඇන්ටන් පුනිදනායගම්, මුලතිව් හිටපු පළාත්සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් විසින් අතුරු මෝසමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් පනවා තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් තහනම් නියෝගය සංශෝධනය කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කරනු ලැබීය.
මේ අනුව පවතින වසංගත අවධානම හමුවේ නිකුත් කොට ඇති සෞඛ්‍ය නීතිරීතීන් ආරක්ෂා කරමින් නිරෝධායන නීති කඩ නොකරන ලෙසටත් යුද සැමරුම් සිහිපත් කිරීමේදී මිය ගිය ත්‍රස්ත නායකයින්, ත්‍රස්ත සංවිධානයක් හෝ ප්‍රසිද්දියේ සිහිපත් නොකරන ලෙසට යන කොන්දේස ආරක්ෂා කරමින් මුල්ලි වයික්කාල් සැමරුම් සිදු කිරීමට හැකි බවයි.
පසුගියදා මුලතිව් පොලිස් ස්ථාන 07 ක් මගින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් සිදුකිරීමට සූදානමින් සිටි පුද්ගලයින් 32 දෙනෙකුට එරෙහිව අධිකරණ තහනම් නියෝගයන් ලබාගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

