saravita-anim2

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

Latest News - timelapse 7239 hours ago

LATEST

යාපනයේ උපකාරක පංති හා මංගලෝත්සවත් තහනම් වෙයි

calendar_today 2021 අප්‍රේ 11 - 14:00 remove_red_eye - 198  

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුල යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල් තාවකාලිකව වසා දමා ඇති අතරම උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියි.

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

Read More

නුවරඑලිය ඩෙස්පොඩ් හරහා තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් (10) දින පස්වරුවේ ගිලා බැස එම ස්ථානයේ කොටසක් නායයාමේ අවධානමක් පවතින බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.

Read More

වැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

Read More

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 66 දශම 9 කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී පෙරේදා 10 මධ්‍යම රාත්‍රී 12 ට පමණ ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

උත්සව සමය හේතුවෙන් මේ දිනවල වෙළෙඳසැල් ආශ්‍රිතව දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන වැටලිම් ප්‍රමාණය වැඩි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

Read More

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ එය ක්‍රියාත්මකයි.

Read More

හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

Read More

අධික බීමතින් රිය පදවමින් මහනුවර කටුගස්තොට පාරේ ගමන් කරමින් තිබූ වාහන පහක් අනතුරට ලක්කළ බව කියන යුධ හමුදා රියදුරු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසියේ රථවාහන අංශය කියයි .

Read More

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වි තිබේ.

Read More

’’මම එන්නත ලබාගෙන තිබුණත්, මුඛ ආවරණ පැලඳ නොසිටින මිනිසුන් ගැවසෙන ගෘහස්ථ හෝ ජනාකීර්ණ ස්ථානයකට කිසිසේත්ම මා යන්නේ නැහැ’’ එක්සත් ජනපද ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුස් වැඩිදුරටත් පවසා සිටියේය.

Read More

සෞඛ්‍ය, අධ්‍යාපන හා හමුදා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර වෙනුවෙන් ඉක්වදෝරය මේ වනවිට ප්‍රමුඛත්වය දී තිබේ.

Read More

තෙවැනි පිපිරීම පළමු පිපිරීම් දෙකට වඩා කුඩා බව පෙනෙන බවත්, ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය පළාත් පාලන ආයතන සමග කටයුතු කරන බවත් සඳහන් වෙයි.

Read More

පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.

Read More

තමාට ලැබුණු එන්නත කුමක්දැයි අනාවරණය නොකළද අගමැති අබ්දුල් හමීඩ් ඩෙබෙයිහ් එන්නත ලබාගත් පළමු වැනි පුද්ගලයා බවට පත්විය.

Read More

රියදුරෙකු නොමැතිව තනිවම ලෑන්ඩ්රෝවර් රථ පැදවීමට කැමැත්තක් දැක්වූ පිලිප් කුමරු වෙනුවෙන් ඔහුගේ දේහය තැන්පත් කළ මංජුසාවද වින්ඩ්සර් කාසල් සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ලෑන්රෝවර් රථයකම රැගෙන යාමට නියමිතව ඇත.

Read More

අද සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි දිවයිනේ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සුනාමි අවදානම හේතුවෙන් නැගෙනහිර ජාවා හි ගම්මාන කිහිපයක් ඉවත් කර තිබුණද, පසුව එය ඉවත් කළ බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනයේ ප්‍රකාශක පැවසීය.

Read More

2020 අවසන් වනවිට චීනය තුළම නිෂ්පාදනය කළ mRNA එන්නතක් ලබාගැනීමේ ඉහළ හැකියාවක් පවතින බව චීනයේ එන්නත් කර්මාන්ත සංගමයේ සභාපති ෆෙන් ඩුජියා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 135,165,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දිනයේ තහවුරුකර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160 දෙනෙකු අද (10) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 184 දෙනෙකු අද (10) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

Read More

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි කොවිඩ් රෝගය පාලනය කිරිම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුම් අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

චීනයේ සිනොෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරට තුළ භාවිතයට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දකුණු කොරියාව සිය රට තුළම නිෂ්පාදනය කරන ලද සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානය ගුවනේ සිට ගුවනට මෙන්ම, ගුවනේ සිට භූමියටද එල්ල කළ හැකි මිසයිල පරාසයකින් සන්නද්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

’’තවත් පිපිරීමක් නිරීක්ෂණය වුණා. සිරස් අළු තීරුව දළ වශයෙන් කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) වායුගෝලයට ගොස් ඇති බවට ගණන් බලා තිබෙනවා. අපි දිගටම අධීක්ෂණය හා යාවත්කාලීන කිරීම සිදු කරමින් සිටිනවා’’ යැයි පළාත් පාලන ආයතන සමග කටයුතු කරන භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයද සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.