ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕන
කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමට ගත් තීරණය සම්බන්ධයේන ජනතාවට අවබෝධයක් ලබා දිය යුතු බවත් එය දුෂ්කර කාර්යයක් බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ ජනපති කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“මේ තාක් වෙනකම් අපි මේ කන්න වලටත් අවශ්‍ය පොහොර ගෙන්වලා තියෙන්නේ. දැන් පොහොර තියෙනවා. මම මේක පටන් ගන්න කිව්වේ එන කන්නයේ ඉදලා. එතකන් මේ අවුරුද්දට ගේන්න ඕන පොහොර ප්‍රමාණය ගෙනල්ලා.
කාබනික පොහොර කියන්නේ කොම්පෝස්ට් පොහොර විතරක් නෙමෙයි. කාබනික පොහොර පාච්චිකරලා කරන තේ වගාවන් තියෙනවා. ඒවා ඇත්තටම හොඳ මිලකුත් ගන්නවා. මේවා ජනතාව අතරට ගෙනි යන්නේ නෑ.
ජනතාවට කියලා දෙන්නෙ නෑ. එ්ක තමයි දුෂ්කර කාර්යය. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙමෙයි. දැන් මේක හොඳ දෙයක්. ලෝකයම පිළිගත්ත අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අප යා යුතු තැන මෙතන.
ඉතින් අපි මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕන. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මම තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙමෙයි ලෝකයටම හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕන”
popular news
-
ජේ. ආර් Tuesday, 08 June 2021 03:05 PM
ඇතුලේ ඉන්න 225 ට ගහලා එලෙව්වා නම් ජනාධිපති තුමාට ඔය වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

