දින 14ක් නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණයි
පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගිය හැරවීමට කටයුතු නොකළ බවත් බසය මදකට නවත්වන ලෙස දැනුම් දුන් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.
එසේම නිරෝධායනය කටයුතු පිළිබඳව උපදෙස් නුදුන් බවත් දින 14ක් සඳහා නිරෝධායන ක්‍රියාවලියකට යොමුවීමේදී ඇඳිවත පමණකින් රැගෙන යාම අමානුෂික බවත් ඔහු සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සියලු දෙනාටම සාධාරණයක් කිරීමයි ජනතාව මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වන්නේ. දින 14ක් නැවතීමට තමාගේ ඇඳිවත පිටින්ම ගෙන යෑම අසාධාරණයි. අමානුෂිකයි.
එයට නිසි කටයුතු කරන ලෙස මම පොලිස්පතිට උපදෙස් දුන්නා පමණයි. එය අනුචිත ක්‍රියාවක් යැයි කිව හැක්කේ ආර්මාර්ථකාමී කුහක දුෂ්ඨ මනසක් තිබෙන අයෙකුට පමණයි.
දින දෙකකට පෙර වෛද්‍යවරයෙක් වන මගේ පුතා ෂැංග්‍රිලා හෝටලයේ විවාහ වූ බවත් දිවයිනේ නම ගිය නිරූපන ශිල්පියා මට රුපියල් මිලියන 2ක් දුන් බවටත් මාධ්‍ය ආයතනයක් පවසා තිබුණා. එය අමූලික බොරුවක්. මගේ පුතා ඔවුන්ට (පියුමි හංසමාලිට) ඇඳුම් ගෙන ගිය කථාවත් බොරුවක්.”

popular news
-
මෝ Tuesday, 08 June 2021 07:58 PM
කුම්පලා මාංශෙ කෑවනං වමාරපං වලලෝ....
Reply : 0 0
මෝ Tuesday, 08 June 2021 08:01 PM
ඔයිට ඉස්සර මහපාරෙ යන මිනිස්සු ඇදිවත පිටිං අරං ගියා.කෝ ඔබතුමාගෙ මනුස්සකම,අසාදාරනය.මේ ලගකදි වෙන්නැති සෝවාන් පල ලබල ලෝකයාටම මහා කරුනාව පලකරන්න ප්ටං ගත්තෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

