2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 16 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.
Read Moreමොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට සැකකරන රෝගීන් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් රෝහලේ හෙද නිලධාරී මණ්ඩලය අන්තර්කාලීන නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරයි.
Read Moreබණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ කුඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කර්මාන්තශාලාවේ (1) අළුයම ඇතිවූ ගින්න, ගිනි තැබීමෙන් සිදුවූවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් (2) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
Read Moreකුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවේ සඳහන් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreතමන් වහන්සේට ලබාදුන් පොරෝන්දු කඩකරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළකරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.
Read Moreඅම්බලන්ගොඩ කහව වෙරළ තීරයෙන් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ (1දා) රාත්‍රියේ සිට අතුරුදහන්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත
Read Moreදුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාදවන අවස්ථාවක වාහනයක් ධාවනය කිරීම රුපියල් 25000ක දඩයකට යටත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන හයිබ්‍රිඩ් සුරංග නැමැත්තා පොලිස් විශේෂ කාරය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.;
Read Moreකල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු ඇමෙරිකාවේ නිෂ්පාදිත රිවෝලවරයක් හා උණ්ඩ තොගයක් සමග නාවික හමුදා බුද්ධි තොරතුරකට පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද අලුයම අත් අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.
Read Moreඑක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යයන 5ක් පෙන්වා දී ඇත්තේ දෙවැනි එන්නත් මාත්‍රාව කල් දැමීමෙන් සමහර පුද්ගලයින්ට SARS-Cov-2 ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වනු ඇති බවය.
Read More’’මෙතැන් සිට වයස අවුරුදු 50 හෝ ඊට වැඩි (75 දක්වා) සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ පිළිකා ඉතිහාසයක් වැනි සෞඛ්‍ය තත්ත්වයන් ඇති ඕනෑම කෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදිය හැකි බව මට තහවුරු කළ හැකියි’’ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
Read Moreමීට අමතරව කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය විසින් ඊජිප්තුවට දෙවැනි සීනොෆාම් එන්නත් තොගය ලබාදෙන බව ඊජිප්තුවේ චීන තානාපති ලියාඕ ලිකියැන්ග් ඊයේ (01දා) පැවසීය.
Read Moreමීට මාස තුනකට පෙර ෆින්ලන්තය යුරෝපයේ අවම සාමාන්‍ය කොවිඩ්-19 ආසාදන හා ඒක පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා කළත්, මහාද්වීපයේ වඩාත්ම ලිහිල් සීමාවන් පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ෆින්ලන්තයේ දේශීය ආසාදන පැතිරීම වේගවත් වී තිබේ.
Read Moreමිලියන 3.4ක ජනගහනයක් සිටින රට තුළ වයස අවුරුදු 18 සහ ඊට වැඩි සෑම දෙනාටම ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය සාලිනාස් පැවසීය.
Read Moreගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි වුවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ලොවපුරා නොමිලේ එන්නත් බෙදාහැරීමේ COVAX වැඩසටහන හරහා ලබාදුන් ප්‍රථම එන්නත ඝානා ජනාධිපති නනා අකුෆෝ-අඩ්ඩෝ වෙත ඊයේ (01දා) ලබාදී තිබේ.
Read Moreහිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වැරදිකරු වී තිබේ. ඒ අනුව වසර දෙකක අත්හිටවූ වසර තුනක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට ප්‍රංශයේ අධිකරණය කටයුතු කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,417,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඅද (01) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 111ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් රෝගීන් වෙනුවෙන් සකස්කර තිබූ දැඩි සත්කාර ඇඳන් 29ක් මේ වන විට භාවිතයට ගනිමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් 19 එන්නත ලැබිය යුතු සියලු දෙනාට ලබා දෙන බවත් එය පහසුවෙන් ලබා ගත හැකි බවත් වෛද්‍ය හේමන්ත හේරත් සහතා පවසයි.
Read Moreජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 192ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,435ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදාව විසින් පවත්වන ගුවන් යානා සංදර්ශනයක් සඳහා ඉන්දීය ගුවන් යානා 23 ක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 37ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු 6.00 වන විට 6706ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 13 දෙනෙකු අද දින වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 79,422කි.
Read More