saravita-anim2

2025 ජුලි මස 26 වන සෙනසුරාදා

2025 ජුලි මස 26 වන සෙනසුරාදා

Latest News - timelapse 7006 hours ago

LATEST

බලන්ගොඩ නගරාධිපති යළි සේවයේ පිහිටුවයි

calendar_today 2021 මාර් 03 - 16:08 remove_red_eye - 303  

තනතුරෙන් ඉවත්කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට නියෝග කළ රත්නපුර අංක එක මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නගර සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට නිකුත් කළ ගැසට් නිවේදනය නඩු කටයුතු අවසන් වනතෙක් තහනම් කරන ලෙස අද (03දා) නියම කළේය.

චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අති නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂණ(PCR) යන්ත්‍රයක් සහ පරික්‍ෂණ උපකරණ ලබා දීම පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

Read More

කොරෝනා හේතුකොටගෙන ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භුමදානය කිරිමට ඉරණතිවු ප්‍රදේශය සුදුසු තැනක් නොවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පෙන්වා දෙයි.

Read More

රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්‍යස්තව ක්‍රියා කළ යුතු බව තම සංඝ සභාවේ හැගීම බවත් මේ පිළිබඳව බලවත් අප්‍රසාදය හා කනගාටුව රජයට ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

පොලිස් නිලධාරීන් බැන වැදුනයි උරනව පානදුර පින්වත්ත පොලිස් මුරපොළේ පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා හෙරෝයින් මත්කුඩු සමග ඊයේ 2 අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි .

Read More

දිවයිනට ගෙන ඒමට නියමිත ඊළග කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍ර යේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඒ අනුව මේ මස අග වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට හා දිවයිනේ සියළු කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එනන්ත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවට ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

Read More

ගිනි අවියක් යතුරුපැදියේ සඟවා ප්‍රවාහනය කරමින් සිටි රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ ගුවන් හමුදා නිලධාරියකු 2 අගුලාන බෝධිරුක්ඛාරාම පාර අසළදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි .

Read More

කොවිඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කරමින් අද (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන් ඉරණමාතා නගර් ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පළමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

Read More

යාපනය අරියාලෙයි මණීයන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව දරුවාද සමගින් මාර්තු මස 09 වනදා දක්වා පරිවාස භාරයේ තබන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටියේය.

Read More

රූමස්සල අභයභූමි ප්‍රදේශයේ මෙතෙක් නොතිබූ මාර්ගයක් ඉදිකිරීමට ඇතැම් පිරිස් දරණ උත්සාහයත් සමඟ එම ප්‍රදේශයේ ගස් කපා දමා එළි පෙහෙළි කර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න මහතා කීවේය.

Read More

කුරුවිට තරුණිය ඝාතනය කළ වස බී සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයා අදාල තරුණිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවට ඔහු විසින් ලියන ලද බවට සැලකෙන ලිපියකින් හා පර්වේෂණ සාක්ෂි මගින් අණාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

වතු අධිකාරිවරුන්ට පහර දිම් හෙලා දකිමින් පහර දිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වතු අධිකාරිවරුන්ට වතු පාලනය කිරිමට ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට බල කරමින් වතු අධිකාරිවරුන් පිරිසක් කළු කොඩි පැළද සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද දින උදැසන නිහඩ විරෝධතාවයක නිරත විය.

Read More

ඉහළ යන වැලි මිල පාලනයට න දිස්ත්‍රික්ක 03ක වැලි කැණීම් කටයුතුවල නිරතවන්නන්ගේ සමුපකාර සමිති මගින් වැලි කැනීම හා බෙදාහැරීම සිදු කිරීමට නියාමණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

Read More

දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 ආරක්ෂණ එන්නතට අවස්ථාව ලබාදී ඇතැම් රටවල් වසංගත සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් බව පවසා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය, සෑමවිටම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හා දැනට පවතින සීමා එලෙසින්ම පවත්වාගෙන යෑමේ වැදගත්කම යළි යළිත් අවධාරණය කරයි.

Read More

මුලතිව් විභාග මධ්‍යස්ථානයකදී විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි අන් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 27ක පුද්ගලයෙකි.

Read More

මැලේසියාවේ මේ වනවිට ලක්ෂ 3ක් ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිතව 1,141ක් දෙනෙකුට සිය ජීවිතය අහිමි වී තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 03/03 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මෙම එන්නත් තොගයට අමතරව චීනයෙන් ලබාදෙන ලද මුඛ ආවරණ සහ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් රැසක් කැරකස්හි සිමන් බොලිවර් ගුවන්තොටුපළට ගොඩ බැස්ස බව වෙනිසියුලානු රජය වාර්තා කරයි.

Read More

මිනිසාට මෙන්ම ලෝකයේ ජීවත් වන විශාලම සත්ත්වයාගේ සිට කුඩාම සත්ත්වයාටත් මිහිතලයේ නිදහසේ හුස්ම ගැනීමට එක හා සමාන අයිතියක් ඇත. අද (03දා) ලෝක වනජීවී දිනයයි. ලෝකය පුරා අද දින ලෝක වනජීවී දිනයට සමගාමීව විවිධ උත්සවයන් පැවැත් වේ. පසුගිය කාලය පුරාවට ලංකාවේ සිදුවුණු විශාල වනාන්තර විනාශයන් සේම ඉන් වනජීවීන්ට සිදුවුණු හානියද අති විශාලය. එම නිසා අද වන විට වනජීවීන් පිළිබඳව අපට කතා කිරීමට ඇත්තේද ඉතා කණගාටුවෙනි. මේ ඒ පිළිබඳව ගෙන එන ලිපියකි.

Read More

වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය මාර්ගයට හිස නැති කාන්තා මළ සිරුරක් රැගෙන හා සැකකරුගේ සිරුර බඩල්කුඹුර ඔහුගේ නිවස ආසන්නයේ කැලෑවක තිබි සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත්හි සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලැබූ පුද්ගලයන් සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් මෙම සතිය අගදී මගපෙන්වීමක් නිකුත් කරන බව පවසයි.

Read More

ලබන සතියේ සිට යම් යම් සීමා ලිහිල් කෙරෙන නව කෙටුම්පතට අනුව වැඩිහිටියන් පස් දෙනෙකු නොඉක්මවන පවුල් දෙකක් අතර පෞද්ගලික හමුවීම් සඳහා නැවත මාර්තු 8දා සිට අවසර දෙනු ලැබේ.

Read More

චීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති හූ යැන්කි පවසයි.

Read More

“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

Read More

2020 ජුලි මස අග භාගයේදී වාර්තා වූ කොවිඩ්-19 මරණ 1,595ක් ඉක්මවා ගිය අවස්ථාවට පසුව, බ්‍රසීලය කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ නව උච්චතම අවස්ථාවකට මුහුණදී ඇති අතර, රෝහල් පද්ධතිය බිඳවැටීමේ අද්දරට තල්ලු වී තිබේ.

Read More

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ’පල්ලියේ ලිංගික අපයෝජනය පිළිබඳ ස්වාධීන කොමිසම’ (CIASE) ඇස්තමේන්තු කර ඇත්තේ වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දසදහසක් ආසන්නයට පැමිණ ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,790,000ක් ඉක්මවා ගොස් ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 164ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.