නුවරඑළිය සමස්ථ කෙරෝනා රෝගීන් 5984 දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 159 කු ඊයේ (14) දින හමුවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5984 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අනුව අඹගමුව 1138 කු, බගවන්තලාව 731 කු, හඟුරන්කෙත 385 කු, කොටගල 389 කු, කොත්මලේ 521 කු, ලිඳුල 418 කු, මස්කෙළිය 268 කු, මතුරට 130 කු, නුවරඑළිය නගර සභා සීමාවේ 369 කු, නව තිස්පනේ 410 කු, නුවරඑළිය 531 කු, රාගල 372 කු හා වලපනේ 322 කු වශයෙන් මෙසේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි එම නිලධාරීහු පවසති.
ඊයේ (14) දිනට වාර්තා වු කොවිඩ් වෛරසය ආසාදිත නව රෝගීන්ගෙන් 24 ක් අඹගමුව, තුනක් බගවන්තලාව, අටක් කොටගල, 25 ක් ලිඳුල, 13 ක් කොත්මලේ, එක්අයෙක් මස්කෙළිය, දෙදෙනෙක් මතුරට, 30 ක් රාගල, 45 ක් නුවරඑළිය, හතක් වලපනේ සහ එක් අයෙක් නුවරඑළිය මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් හමුව ඇතැයිද ඔවුහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් සමස්ථ මරණ සංඛ්‍යාව 85 ක් දක්වා ඉහල ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

