තලේබාන් නායකත්වයක් යටතේ බෞද්ධ ස්ථාන ආරක්ෂිතයි
තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බව ප්‍රකාශක සහ ජාත්‍යන්තර සාකච්ඡාකරු සුහයිල් ෂහීන් ඩේලිමිරර් පුවත් සේවයට පවසා තිබේ.
"ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක්වෙන්නේ නෑ.” ඔහු දෝහා නුවර සිට පවසා තිබේ. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ පැවැති ලොව උසම බුද්ධ ප්‍රතිමාව 2001 වසරේදී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබීය.
මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය විසින් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිානය සමග යම්කිසි සබඳතාවක් ඇත්දැයි ඩේලිමිරර් පුවත් සේවය විමසා ඇති අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කිසිඳු සබඳතාවක් නොමැති බව ඔහු පවසා තිබේ.
“අපි ස්වාධීන විමුක්ති බලකායක්. අපි ඇෆ්ගනිස්ථානය මුදා ගැනීම සඳහා පසුගිය අවුරුදු 20 තුළ ස්වාධීනව අරගල කළා” යැයි ඔහු පවසයි.
තලේබාන් සංවිධනය ත්රස්තවාදීන් ලෙස නොසලක ලෙසත් ඔහු ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. “ඔබේ රට නිදහස් කර ගැනීම සඳහා අරගල කළ ඔබේ මුතුන් මිත්තන් මෙන් අපි ඇෆ්ගනිස්ථානයේ නිදහස් සටන් කරුවන් වෙමු. නමුත් අපි විෂ සහිත ප්රචාරයන්ට ගොදුරු වී සිටින්නෙමු” යැයි ෂහීන් පැවසීය.
ඊස්වරන් රත්නම්
popular news
-
Kumar Monday, 16 August 2021 09:02 PM
Oya kathawalata rawetena modayo innawada? Arakshawata wenna athi parani buddha prthima vinasha kale.
Reply : 0 0
Ravana parapura Tuesday, 17 August 2021 11:59 AM
sarva asubavadi novemu api balamu ovun arya vanshikayan nisa vishvasaya thabiya hakiya kiyana de karana aya nisaveni
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

