saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7337 hours ago

LATEST

ගිලන් රථයකට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

calendar_today 2021 ජුනි 29 - 15:31 remove_red_eye - 136  

ගම්පහ රෝහලේ ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිඩකයන් තිදෙනෙක් එක්දින වරම් ලබා තිබේ. චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් හා ප්‍රවීන් ජයවික්‍රම එම ක්‍රීඩකයන් වෙයි.

Read More

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක,ධනංජය ලක්ෂාන්,ප්‍රවීන් ජයවික්‍රමට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වී තිබේ.

Read More

මධ්‍යම පලාත තුල කොවිඩ් මර්දනය සදහා දියත් කර ඇති වැඩපිලිවෙල හමුවේ පසුගිය සති දෙක කාලය තුල මධ්‍යම පලාත තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වාර්තා විමේ අඩුවක් සහ කොවිඩ් මරණ වාර්තා විමේ අඩුවක් දක්නට ලැබෙන බව මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පැවසිය.

Read More

බද්දේගම, ඉදිගස්කැටියේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක පුද්ගලයින් 43දෙනෙකුට කොරොනා ආසාදන වී ඇති බව පසුගිය දින කිහිපයේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

Read More

මෙරට තවත් පුද්ගලයින් 30,966 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ පුද්ගලයින් 37,812 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.

Read More

එංගලන්ත සංචාරයට එක්ව සිටියදී විනය හේතුන් මත යළිත් ශ්‍රී ලංකාවට කැඳවූ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද (29දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

ගත වූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

මහනුවර මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා හා පුතා කෝවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සංවේදී සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගිහාන් වීරසූරිය මහතා පවසයි .

Read More

ජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන සඳහා රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සැපයීමට රජය තීරණය කර තිබේ.

Read More

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්ද්‍රව්‍ය සහ මුදල් සමඟ මට්ටක්කුලියේ දී පෙරේදා 28 රාත්‍රී කොළඹ උතුර අපරාධ කොට්ඨාස මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් අද (29) දක්වා වාර්තාවන සමස්මත කෝව්ඩ් මරණ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ති​බේ.

Read More

රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ 12 ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් (29) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 58 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 359 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

පළාත් අතර සංචරණ සීමා රෙගුලාසි උල්ලංඝනය කරමින් මඩකලපුව, එරාවූර් ප්‍රදේශයේ සිට මගීන් 31 දෙනෙකු රැගෙන කොළඹ බලා ධාවනය වෙමින් තිබ පෞද්ගලික බස් රථයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලීසිය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මියගිය සොත්ති උපාලිගේ පුත්‍රයකු අයිස් මත්ද්‍රව්‍ය සමග බොරැල්ල කාසල් වීදිය සරසවි පටුමගේ දී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේන් පසුගිය පැය 24 කාලය තුලදි නව ආසාදිතයන් 58 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 7277 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (29) ආරම්භ වීමට නියමිතයි.

Read More

ඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහනම් කර තිබේ.

Read More

කොරෝනා වෛරසයේ රෝගීන් වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය මගින් බ්‍රිතාන්‍යයේ ආසාදන යම් මට්මකින් ඉහළ යාම හේතුවෙන් එරට කොවිඩ්-19 සීමා ඉවත් කිරීම ප්‍රමාද කළද, එලැඹෙන ජූලි 19දා ’’නිදහස් දිනය’’ ලෙස සීමා ඉවත් කරමින් බ්‍රිතාන්‍ය සුපුරුදු ජීවන රටාවට යෑම සඳහා සූදානම් වෙයි.

Read More

හෙද සේවාවේ පවතින ගැටලුවලට හෙට දිනයට පෙර විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ වසර 30 ක පමණ කාලයක් රියැදුරෙකු ලෙස සේවය කළ පී.එම්. සමන් හේම කුමාර මහතා ඊයේ (28දා) තමා සේවය කළ බස් රථයට දණ ගසා වැඳ සේවයෙන් විශ්‍රම ගියේය.

Read More

නිරෝධායන නීති කැඩු පුද්ගලයින් 455 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක සිසුන් පිරිසකට පාසල තුල පන්ති පැවැත්වු විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් අද දින දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීමෙන් සති හතරකට පසු ෆයිසර් ලබාදීමේ මිශ්‍ර එන්නත් මාත්‍රාවකින්, දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක්ම ලබාදීමට වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පවතිනු ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයක් පෙන්වා දෙයි.

Read More

’’මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවන්ය. මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.’’

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1850ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 640ක් වාර්තාවීමත් සමගිනි.මේ අනුව දිවුලිපිටිය බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයාගෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 248119ක් දක්වා වර්ධනය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.