කුසල්, දික්වැල්ල හා ධනුෂ්ක දින 14ක් නිරෝධායනයට
එංගලන්ත සංචාරයට එක්ව සිටියදී විනය හේතුන් මත යළිත් ශ්‍රී ලංකාවට කැඳවූ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද (29දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ව ලංකාවට ගේන්වා ගැනීම හේතුවෙනි. කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය ජෛව ආරක්ෂක බුබුලක් ලෙස ක්‍රියාවට නැංවූ අතර එම බුබුල කඩකරමින් ඔවුන් හෝටලයේ පිටතට ගොස් තිබුණි.
ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය වීම හේතුවෙන් ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ අනුව ඔවුන්ව තරග තහනමකට ලක්කර නැවත ලංකාවට ගෙන්වා ගනු ලැබීය.
ඔවුන් අද (29) දහවල් 01.15 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව, දින 14 ක අනිවාර්ය නීරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර දුන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

