saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7341 hours ago

LATEST

මහ බැංකු අධිපතිවරයාගෙන් රට හමුවේ විශේෂ ප්‍රකාශයක්

calendar_today 2021 ජුනි 28 - 20:05 remove_red_eye - 1037  

දේශීය වෙළෙඳ පොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මෙසේ අදහස් දක්වා තිබේ.

චීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 2ක් ජුලි මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෙනුවෙන් ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ලෙස මොඩෙර්නා හෝ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන සභාවේ අනුමැතිය ලැබී තිබේ.

Read More

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි තෙදින තුල සිදු කිරීමටසෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පවසයි.

Read More

අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඇංගෝලා , බොස්ට්වානා , ලෙසතෝ , මොසැම්බික් , නැම්බියා , ස්වාසිලන්තය , සැම්බියා සහ සිම්බාබ්වේ යන රටවල් මීට අයත් වන අතර , එම රටවල මීට දින 14 කට පෙර සංචාරයේ නියැලී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට මෙම නිවේදනය අදාළ වේ.

Read More

කොවිඩ් රෝගය වැළදි සුවවන කුඩා දරුවන්ට සුවය ලබා දින 14කට පසු ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

Read More

මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිත කිරීමක් සිදු නොවන අතර වසර සිය ගණනකින් මෙම නීතිය යාවත් කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ට පත්වන්නට සිදුව තිබුණි.

Read More

මේ වන විට කළුතර දිස්ත්‍රික්කය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර නුදුරේදීම මුළු බස්නාහිර පළාතටත්, අවශ්‍යතාව අනුව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලටත් මෙය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදන කර ඇත.

Read More

කුරුණැගල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු මාවතගම පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අද (28) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනැමුවේය.

Read More

සිය නිවසතුළම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් අසාධිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ .

Read More

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් 19 අසාදිතයන් 32 දෙනෙක් අද හදුනාගත් බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම මහතා පැවසීය .

Read More

විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල,දනුෂ්ක ගුණතිලක යන අයට තාවකාලික තරඟ තහනමක් පැණවිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

Read More

මේ නව පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශාසනය විනාශ කිරීම සඳහා කුමන හෝ කණ්ඩායමක අතකොළුවක් වූ කණ්ඩායමක් රාජ්‍යය රාජ්‍ය බලය යොදා ගැනීමට උත්සාහ කරමිනුයි . මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ වසර දහස් ගණනක් සාම්ප්‍රදායිකව ගොඩනැගුන මහනායක අනුනායක හිමිවරුන් ගේ බල අධිකාරිය පහතට දමමින් ඊට උඩින් සංඝරාජ මට්ටමේ භික්ෂූන් වහන්සේ කෙනෙකු මතුවීම සඳහා රාජ්‍ය අධිකාරිය, දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කිරීමටයි.

Read More

(UPDATE) එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ රණාගේ සමීපතමයෙකු පන්නෙගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී හඳුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.

Read More

ඒක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද (28දා) දිවයිනට පැමිණියේය.

Read More

ඉකුත් මාර්තු 09 වනදා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන ආසාදිතයින් 378 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියකට එක්වීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටනට අදාලව ඊයේ දිනයේදි පුද්ගලයින් 49,703 දෙනෙකුට ලබාදි තිබේ.

Read More

තමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 78කු (27) දින පස්වරු 4.00 න් අවසන් වු පැය 24 තුල වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.

Read More

එම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු විමසා ඇති බවද දැනගන්නට තිබේ. මූලිකම ඔවුන් දෙදෙනා තරගාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රොටෝකෝලය බිඳ දමා ඇත්දැයි මෙහිදී කණ්ඩායම් කළමනාකරුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.