මේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ආපාදාවට පත්ව පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් බව ගුවන් හමුදාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.
යුද්ධයෙන් මිය ගිය LTTE සමාජිකයන් සිහි කොට සැමරුම් උත්සවයක් සංවිධානය කිරිමට උත්සාහ දැරු 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබේ.
Read Moreචීනයේ පළමු අඟහරු රෝවරය රැගත් ලෑන්ඩරය බීජිං වේලාවෙන් සෙනසුරාදා (15දා) අලුයම අඟහරු (රතු ග්‍රහලෝකයට) සාර්ථකව ඇතුළත් වූ බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreනේපාලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 439,658ක් සහ මරණ 4,669ක් දැනට වාර්තා වී ඇත. එහිදී පසුගිය දින 10 තුළ දී පමණක් නේපාලයේ මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගෙන් 20%ක් සහ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණවලින් 1/4ක් සටහන් වීමද අතිශයින්ම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. ඒ අනුව එක් දිනක තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වෙයි.
Read Moreඇතැම් පිරිස් පවසන්නේ සිනෝෆාම් එන්නත මගින් කොවිඩ් රෝගය වැළඳිය හැකි බවයි. මේ පිළිබඳව පැහිදිලි කිරීමක් කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ එන්නතේ අඩංගුව වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රීය කරන ලද වෛරසයක් බැවින් එය කිසිම ලෙසකින් ක්‍රියා කිරිමට හෝ ගුණනය වීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව රෝගය වැළදීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව එම කාර්යාංශය සිය ෆේස් බුක් පිටුවෙන් සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 1380ක් වාර්තාවීමත් සමිගින් අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2269ක් දක්වා වර්ධනය විය.
Read More’’මේ වනවිට අඩු ආදායම්ලාභී රටවලට යන්නේ එන්නත් සැපයුමෙන් 0.3%ක් පමණයි. ධනවතුන්ට පමණක් ප්රතිලාභ ලැබෙන ට්‍රිකල්-ඩවුන් න්‍යාය මේ එන්නතට යොදාගැනීම, මාරාන්තික ශ්වසන වෛරසයකට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් වන්නේ නැහැ.’’ ඇමෙරිකාව වයස 12 - 15 දරුවන්ට එන්නත් ලබාදීමට සැලසුම් කරද්දී WHO ප්‍රධානියා හඬ අවදි කරයි.
Read Moreබස්නාහිර පළාතේ වයස අවුරුදු 30-60ත් අතර සියළුම ජනමාධ්‍යවේදීන් කලාකරුවන්ට කොවිඩ් සඳහා වන සිනොෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහන අද දින පෙරවරුවේ සිට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සියළු සෞඛ්‍ය නීති රීති වලට අනුගතව පැවැත්විණි.
Read Moreගාල්ල මකුළුව ප්‍රදේශයේ ඉදිකරමින් පැවති තෙමහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී අද (14) සවස පිය පුතු දෙපළක් ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,306 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 ආසාදන ඉහළ ගියද රට අගුලු දැමිය යුතු නැති බව අප්‍රේල් මස සිය ජාතික දේශනයේදී අවසන් වරට ඉන්දියානුවන් හමුවේ ප්‍රකාශ කළ අගමැති මෝදි දැන් පවසන්නේ, ’’රටේ විවිධ ප්‍රදේශවල කෝවිඩ් රෝහල් ඉදිවෙනවා. නව තාක්ෂණයෙන් ඔක්සිජන් නිෂ්පාදනාගාර සැකසෙනවා. දුරබැහැර ප්‍රදේශවලට ඔක්සිජන් දුම්රිය ගමන් කරනවා.’’ යනුවෙනි.
Read Moreදිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ තුනක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ රියදුරෙකු වූ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් කුරේෂ් මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වයට ගොදුරු වී මියගොස් ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවයඹ පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා පවසයි.
Read Moreමේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.
Read More’’මේ මොහොතේ ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන විශාල ජාත්‍යන්තර ඉසව්වක් පැවැත්වීම භයානකයි. එහි අවදානම ඉතා ඉහළයි. මෙය පැවැත්වීමෙන් සිදුවන හොඳ ඉතා කුඩායි. හානිය විශාලයි. ඉන්දියාව සහ බ්‍රසීලය ඇතුළු බොහෝ රටවල් තවමත් වසංගතය හමුවේ බොහෝ අරගලයක නිරත වෙමින් සිටින බව අපට පෙනෙනවා. තවම සැමරීමට කාලයක් පැමිණ නැහැ.’’ හිරෝෂි මිකිටානි පවසයි.
Read Moreමුන්දලම වේළුසුමනපුර දෙදරු පියෙකු ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී ඇති බව මුන්දලම පොලීසිය කියයි.මුන්දලම වේළුසුමනපුර දෙදරු පියෙකු ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී ඇති බව මුන්දලම පොලීසිය කියයි.
Read Moreකොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ පිවිසුම් සහ පිටවිමේ දොරටු 4ක් යළි විවෘත කර තිබේ.
Read Moreමැයි මස 17 දා අලුයම 4 සිට දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් 8ක් හුදෙකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreගිනිගත්හේන දියගල නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු කඩා වැටිම නිසා අතවශ්‍ය සේවාවන් සදහා එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොවිඩ් -19 ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) වාර්තා වී ඇත.
Read Moreඉන්දීය සාගරයේ සුමාතා දිවයින අසළ ඇතිවූ භූ චලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
Read Moreදිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වරකාපොල අවට ප්‍රදේශයන්ටද දැඩි අලාභානි සිදුවිය. ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම කඳු නාය යෑම් වාර්තා වූ අතර, වරකාපොල, මැදගොඩ ප්‍රදේශයේ නිවසක් තුළට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසද සම්පූර්ණයෙන්ම විනාස වී ගියේය.
Read Moreනායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ තරුණයකු ගිංගඟට සම්බන්ධ ඇළ මාර්ගයක් මතින් ඇති පාලමකින් ගමන්කරමින් සිටිය දී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමුළු දිවයිනටම පුර්ණ සිමා පැනවු ඊයේ (13) රාත්‍රි 11.00 සිට ලබන සදුදා (17) වනදා තෙක් ඉදිරි දින කාල සිමාවේ සංචරණ සිමා උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනිමට හා සෙසු ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරින් විසිදාහක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
Read More