රට වහන්න කියපු ඇමතිවරුන්ට කැබ්නට්ටුවේදී මහින්දගෙන් අවවාද
කෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සති තුනක කාලයක් රට වසා තබන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යවා එය මාධ්‍යය ලබාදුන් පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ශ නායකයන්ට අගමැති මහින්ද රාජපක්ශ මහතා අද (23දා) පැවති කැබිනට් රැස්වීමේදී දැඩිසේ අවවාද කර තිබේ.
රට නොවසා සිටින්නට කැබිනට් මණඩලයේදී එකග වී එළියට ගොස් විරෝධය පළකිරීම සුදුසු නොවන බවද අගමැතිවරයා පවසා ඇත.
"විරුද්ධ නම් කට වහන් ඉන්නෙ නැතුව කැබිනට් එකේදි කියන්න තිබ්බනෙ" යැයි අගමැතිවරයා පවසා ඇති අතර ජනාධිපතිවරයාට ලිපියක් යැවීමේ වරදක් නැතත් එය මාධ්‍යයට ලබාදීම වරදක් බවත් අගමැතිවරයා පවසා තිබේ. මේ ආකරයෙන් කටයුතු කිරීමෙන් කැබිනට් මණ්ඩලයේදී කතා කිරීමට තරම් ප්රජාතන්ත්රවාදයක් නැතැයි ද ඇමතිවරුන්ගේ එකමුතුවක් නැතැයි ද ජනතාවට හිතෙන බවත් අගමැතිවරයා පවසා ඇත. මෙවර කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගී වී නැති අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වී තිබේ.
popular news
-
Demuni Uduwara Tuesday, 24 August 2021 12:46 AM
Are they slaves?
Reply : 0 4
Demuni Uduwara Tuesday, 24 August 2021 04:56 AM
Those Ministers referred to are requested to say their position before the general public .
Reply : 0 6
Ryan Tuesday, 24 August 2021 11:58 AM
Typical loss of democracy and a failing attempt at a single family to rule the country. Since things are out of their hands now, there is a sense of agitation in these worthless rulers.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

