saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6796 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 55ක්

calendar_today 2021 ජුනි 18 - 21:42 remove_red_eye - 407  

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.

වසංගත තතත්වය හමුවේ දේශීය හා විදේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවෙද භාණ්ඩ කිහිපයක මිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

Read More

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Read More

කල්පිටිය කන්දකුලිය ගම්මානයේ ඊයේ දින රාත්‍රි නීරෝධායන නීති කඩ කරමින් මංගල සාදයක් පැවත්වු පිරිසක් නීරෝධායන ලක්කර නඩු පැවරිමට කටයුතු කල බව කල්පිටිය පොලිසිය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අවධාරණය කළේ, කොවිඩ්-19 හමුවේ කුඩා දූපත් රාජ්‍යවල සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ණය ආපසු ගෙවීමේ හැකියාවට බෙහෙවින් බාධාවක් වී ඇති බවය. ණය අර්බුදයට ගෝලීය ප්‍රතිචාරය, අඩු ආදායම්ලාභී රටවලට සහාය දැක්වීමට නිවැරදිව උත්සාහ කරන අතරතුර, මධ්‍යම ආදායම් ලබන රටවල්ද අත් නොහැරිය යුතු බව ඔහු පැවසීය.

Read More

කොවිඩ් ආසාදිත වු තවත් 1560 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

දැනට නිර්දේශ කර ඇති සියලු කොවිඩ් මර්දන එන්නත් මගින් ලොව පුරා මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා යන කොවිඩ් ප්‍රභේද වලින් ඇතිවෙන මියයාම සහ දරුණු රෝගී තත්ත්වයන්ට පත්වීම අවම කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

Read More

එළවලු මිල ගණන් ඉතා ඉහළ නැගිම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා සතොස මගින් එළවලු මලු බෙදාහැරිමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

ප්‍රභේදය හමුවන ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්, දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත්, තීරණය කරන ලදී.

Read More

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය ආයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි තිබූ සාන්ද්‍ර අම්ල තවමත් මුහුදු ජලයට එක් වී නැති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඒවායින් මත්ස්‍ය සම්පතට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ශරීරගතව ඇති බවට තහවුරු වීම සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව එම සිංහයාට ආසාදනය වී ඇත්තේ මනුෂ්‍යයින්ට ආසාදනය වූ කොවිඩ් වෛරස ප්‍රභේදයක් ද යන්න පිළිබඳ තහවුරු කරගත යුතු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Read More

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත්කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය සත්වෝද්‍යානවල සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන් සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේ තත්වයක් ලොව මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබේ.

Read More
වැරදුණ ගමන
18 06 2021 15:37:00

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රයක් , ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් සහ ව්‍යාජ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවක් භාවිතා කරමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ප්‍රංශයට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

එන්නත් සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී පැමිණි මොරටුව පුරපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.

Read More

කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්වී ඩෙවොන් හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කර තිබේ. මෙම ඉන්ධන කාන්දුව සිදුව ඇත්තේ නැගෙනහිර මුහුදු කලාපයේදීයි. නෞකාව චෙන්නායි සිට නාවික සැතපුම් 250ක දුරකින් ගමන් කරමින් පවතී.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතු‍වෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.

Read More

මේ වන ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන 21දා පෙරවරු 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේ ඉවත් කරන සංචරණ සීමා නැවතත් එළැඹෙන 23දා රාත්‍රී 11ට පැනවීමට නියමිතය. ඉන් අනතුරුව නැවතත් එළැඹෙන 25දා පෙරවරු 4.00ට සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතය.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 541 ක් (අද 18) මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් කැනේඩියානුවන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාදෙන ලෙස කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) නිර්දේශ කරයි.

Read More

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පුද්ගලයින් 57,371 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබෙනවා.

Read More

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ මීළඟ අදියරේ පරීක්ෂණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත්, මෑතකදී සිදුකළ අධ්‍යයනයකදී 2019 දෙසැම්බර් මාසයේ සිටම ඇමෙරිකාව තුළ වෛරසය සංසරණය වී ඇති බව හෙළි වී ඇති බවත් චීනයේ ජ්‍යෙෂ්ඨතම වසංගත රෝග විද්‍යාඥයා අවධාරණය කරයි.

Read More

නිවසේ ඇති ස්ථාවර දුරකථන වෙත ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.