වික්ටෝරියා ප්‍රාන්ත ආසාදන අඩුවෙමින් පවතින බව කියයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ආසාදිතයන් හමුවීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර, මේ වනවිට වැඩිම පීඩාවට පත් මෙල්බර්න් නගරය ආශ්‍රිතව එන්නත්කරණය වේගවත් කර තිබේ.
ශීඝ්‍රයෙන් බෝවන ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වූ වසංගතය මැඬපැවැත්වීම සඳහා බලධාරීන් අරගල කරන හෙයින් දැනට දීර්ඝ කරන ලද වෛරස් තුරන් කිරීමේ ලොක්ඩවුන් උපාය මාර්ගයන්, ඉහළ එන්නත් කිරීමේ අනුපාතය සමග අවසන් කිරීමට මෙල්බර්න් බලාපොරොත්තු වෙයි.
මෙල්බර්න් හි උතුරු සහ බටහිර ප්‍රදේශවල නව ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනා ගැනෙන ප්‍රදේශවාසීන් සඳහා ඉදිරි සති තුන තුළදී අතිරේක එන්නත් මාත්‍රාවන් 417,000ක් ලබා දීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබේ. පාසල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ ආගමික ස්ථානවල එන්නත් මධ්‍යස්ථාන පිහිටුවනු ඇත.
ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අගුලු දමා ඇති අතර, එහි විශාලතම නගර වන සිඩ්නි සහ මෙල්බර්න් සහ කැන්බරා අගනුවර ජනතාව ඇතුළුව රට තෙවැනි ආසාදන රැල්ල සමග පොරබදමින් සිටී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

