වවුනියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක්
උතුරු පලාතේ වව්නියාව දිස්ත්‍රීක්කයේ කොවීඩ් ආසාදිතයින් දිනෙන් දින වැඩිවෙමින් පවතින් බවට ගෙවී ගිය 12 ක කාලය තුලදී ආසාදිතයින් 1651 දෙනෙකු වාර්ථා වී ඇති බවටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙයි.
මේ අතර වව්නියාව වෙංගල සෙට්ටිකුලම් සහ වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කොවීඩ් 19 ඩෙල්ටා වෛරසය ආසාදිතයින් දිනෙන් දින වැඩි අගයක් වාර්ථා වී ඇති අතරම මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේ ඩෙල්ටා ආසාදිතයින් 50 ක් පමණ වාර්ථා වී ඇතැයිද සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙති.
මේ අනුව ගෙවී ගිය දින 12 ක කාලය තුලදී වව්නියාව දිස්ත්‍රීක්කයේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය යාම හේතුවෙන් මේ දක්වා උතුරු පලාතේ වැඩිම අවධානම පැවති යාපනය දිස්ත්‍රීක්කයට වඩා වව්නියාව දිස්ත්‍රීක්කය අවධානම් වීමේ වැඩි ඉඩක් පවතින හෙයින් මහජනතාව කඩිනමින් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් වව්නියාව සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

