කොවිඩ් අවදානම අඩුවි රට සාමාන්‍ය තත්ත්වයට එන්න දශක ගණනාවක් යාවි
තවමත් රට කොවිඩ් අවදානමෙන් මිදි නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සංචරණ සිමා වැනි කොවිඩ් වෛරසයේ පැතිර යාම වැළැක්විමට ගත් ක්‍රියාමාර්ග ගණනාවක් ඉවත් කිරිම හේතුවෙන් නැවැත රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවකාශ වෙන දාට වඩා වැඩි වි ඇති බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නෑගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
“2019 ට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට යන්න තව කොච්චර කලක් ගත වේද යන්න ඇසු ප්‍රශ්නයකට ඔහු පැවසුවේ මෙවැන්නකි’.
ඒක නම් කොහෙත්ම කියන්න බෑ.හැබැයි මම බලාපොරෝත්තු වෙන්නේ නැ අපිට ඒ සාමාන්‍ය කියන ඒක ආයෙත් අපිට ළගා වෙන්න පුළුවන්ද කියන එක. අපි නව සාමාන්යයකටයි යා යුත්තේ. ඒ කියන්නේ පෙර පැවති තත්ත්වයකට අපිට කොහොමත් යන්න බෑ. මේ කොවිඩ් රෝගයෙන් අපිට නිදහස් වෙන්නත් අපි දන්නේ නැ තව දශක ගාණක් යන්න පුළුවන්. ඒ නිසා අපි මෙකෙන් ආරක්ෂා විමට නම් සෞඛ්‍ය පුරුදු පිළිපැදිමයි වැදගත් වෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

