ටෝකියෝ, ඔක්තෝබර් 11 (ෂින්හුවා)- සංවර්ධිත රටවල් වැඩි වශයෙන් කොවිඩ් එන්නත් ගබඩා කර තබා ගැනීම හරහා මිලියන ගණනක එන්නත් තොගයක් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලටද නොමැතිව කල් ඉකුත් විමට වැඩ ඉඩක් පවතින බව නිකී ඒෂියා පුවත් සේවය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් වන එයාර්ෆිනිටි විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වූයේ G 7 සහ යුරෝපා සංගම් සාමාජිකයින් විසින් මිලදී ගත් අතිරික්ත එන්නත් මාත්‍රා මිලියන 100 ක් පමණ වසර අවසානයේදී කල් ඉකුත් වන බවයි.
නැගී එන ආර්ථිකයන් වෙත මාත්‍රාවන් ප්‍රමාණවත් පරිදි ලබාගැනීමට අපහසු වු අවස්තාවක සංවර්ධිත රටවල මාත්‍රාවන් මිලියන 240 ක් පමණ මාස දෙකක් තුළ කල් ඉකුත් විමට නියමිත බව වාර්තා වෙයි.
එයාර්ෆිනිටි ආයතනයට අනුව, ඉල්ලුමට වඩා සැපයුම ඉක්මවා යන බැවින් 2021 අවසානයේදී ජී 7 සහ යුරෝපා සංගම් සාමාජිකයින්ගේ එන්නත් තොගය මාත්‍රා බිලියන 1 ඉක්මවනු ඇත.